ලිංගික හිංසනයකින් පසු අසාධ්‍යව රෝහල් ගත කර සිටිය දි මිය ගිය දස වන වියේ පසුවු දැරියට එම අපරාධය සිදු කර සැගව සිටි පුද්ගලයා පෙරේදා ( 15 දා ) පුත්තලම පාලවිය ප්‍රදේශයේ දි පාපැදියකින් ගමන් කරණ විට ප්‍රදේශවාසින් විසින් අල්ලා බාර දී තිබේ. පුත්තලම කුරුණෑගල පාරේ පොල්වත්තක තාවකාලිකව විසු දස හැවිරිදි නෙත්තසිංහ ආරච්චිලාගේ නෙතුලි සේපාලිකා වාසල නමැති දැරිය මෙසේ මිය ගොස් තිබුණි. පසුගිය ජුලි මස 15 වන දින රාත්‍රි මිය ගිය දැරියගේ මව නිවසින් පිටතට ගොස් පෙරලා ආපසු පැමිණි අවස්ථාවේ දි සිය සිරුරෙන් අධික ලෙසින් රුධිරය වහනය විම නිසා අසාධ්‍යව සිටි රම දැරිය මව විසින් පුත්තලම මුලපික රෝහලට ඇතුළත් කර තිබුණි. මව දැරිය රෝහල් ගත කළ අවස්ථාවේ රෝහලට පවසා ඇත්තේ දැරිය විෂ සහිත සර්පයෙකු දෂ්ඨ කිරිම නිසා මෙසේ රුධිරය පිටවන බවය. කමුත් දැරිය පසුදින මිය ගිය පසු රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි සුජීව වික්‍රමාරච්චි මහතා පශ්චාත් වෛද්‍ය පරික්ෂණය පවත්වා මෙම මරණය සිදුව ඇත්තේ මිය ගිය දැරියගේ ලිගු ප්‍රදේශයට මොට ආයුධයක් ඇතුළත් කිරිමෙන් අධික ලෙසින් රුධිරය පිටවිම නිසා බවට වාර්තා කර තිබුණි.
මෙම මරණ පරික්ෂණය සිදු කළ පුත්තලම අතිරේක දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් ලහිරු එන්. සිල්වා මහතා පොලිසියට නියෝග කලේ වහාම මෙම මරණයට වගකිව යුතු සැකකරුවන් අත් අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරණ ලෙසයි. ඒ අනුව සිදු කළ පරික්ෂනයන් අනුව දැරියගේ මව කරුණු අනාවරණය කරමින් දන්වා සිට ඇත්තේ තම අනියම් සැමියා හා දැරිය නිවසේ සිටිය දි තමා ජුලි මස 15 වන දින සවස නිවසින් බැහැරව ගිය බවත් පසුව පැමිනි අවස්ථාවේ දි දැරිය රුධිරය පිටවිමෙන් අසාධ්‍යව වැටි සිටි බවත් එම අවස්ථාවේ දි තම අනියම් සැමියා තමාට තර්ජනය කර දැරිය රෝහලට ගෙන ගොස් බාර දි ඇයව විෂ සර්පයෙකු දෂ්ඨ කර ඇති බව පැවැසීමට බල කළ නිසා තමන් තමා මුලින්ම එලෙස පැවැසු බවත් දැරිය රෝහලට රැගෙන යාමට ත්‍රිවිල් රථයක් ලෙන ඒමට යන බව කියා ඔහු නිවසින් පටව ගිය බවත් මෙම මරණය තම අනියම් සැමියාගේ ක්රිකාරකමක් මත සිදු ඇති බව ට සැකකරණ බවත් දන්වා ඇත. ඒ අනුව සැකකාර අනියම් සැමිය අත් අඩංගුවට ගැනීමට පෛාලිසිය සුදානම් වු බවත් ඒ වන විට ඔහු ප්‍රදේශයෙන් පිටව සැගව ඇති බව හෙළිවි තිබුනි. ඒ අනුව සැකකාර අනියම් සැමියා අත් අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබු බවත් පෙරේදා ( 15 දා ) සැකකරු පාපැදියකින් පාලවිය හංදිය දෙසට එනු දුටු ප්‍රදේවාසින් පිරිසක් ඔහු අල්ලා පොලිසියට බාරදුන් බවත් කියයි. සැකකරු පුත්තලම එළුවන්කුලම පාර කරඩිපුවල් ප්‍රෙද්ශයේ පදිංචි 41 වන වියේ පසුවන අයෙකු බවත් කියයි. පුත්තලම වැඩ බලන මුලස්ථාන පොලිස් පරික්ෂක චන්ද්‍රසිරි ලාල් මහතාගේ උපදෙසින් අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක වන්නිආරච්චි මහතා ඇතුළු නිලධාරින් පරික්ෂණ සිදු කරති.
ඔගස්ටින් ප්‍රනාන්දු