Sunday, January 19, 2025

දින අටක සටන ජය ගනිමින් කහටගහ සේවකයෝ පොළව මතුපිටට (VIDEO)

Must read

pathala_final_0ආයතනය පුද්ගලිකරණය කිරීමට විරෝධය පළකරමින්, අඩි 1132 ක් පමණ පොළව අභ්‍යන්තරයේ සිට පවත්වාගෙන ගිය උපවාසය අවසන් කළ දොඩම්ගස්ලන්ද කහටගහපතලේ සේවකයින් ඊයේ (28 දා) රාත්‍රි 8.30 ට පමණ පොළව මතුපිටට පැමිණියහ.

ඒ ඊයේ පස්වරුවේ එහි පැමිණි කර්මාන්ත සහ වානිජ කටයුතු රාජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස මහතා සහ පතල් සේවකයින් අතර සිදු වූ සාකච්ඡාවකින් පසුව කහටගහපතල පුද්ගලිකරණය කිරීමක් නොකරන බවට රාජ්‍ය අමාත්‍යවරයා විසින් එහි සේවකයින් වෙත ලබා දුන් සහතිකයට අනුවය. මෙම ගැටලුව පිළිබදව වැඩිදුර සාකච්ඡා කිරීම සදහා ලබන 08 වැනිදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට අවස්ථාවක් ලබාදීමටද චම්පිකා ප්‍රේමදාස මහතා මෙහිදී සේවකයින් වෙත වැඩිදුරටත් පොරොන්දු විය.

අමාත්‍යවරයාගේ සහතිකයට අනුව තමන් දින තුනක් තිස්සේ අඛණ්ඩවම පවත්වාගෙන ආ උපවාසය අත්හළ පතල් සේවකයින් විදුලි සෝපානවල ආධාරයෙන් පොළව මතුපිටට පැමිණි අයුරු සහ අමාත්‍යවරයා මුණගැසුණු අයුරු පහත වීඩියෝවෙන් දැක්වෙයි.

ආයතනය පුද්ගලිකරණය කිරීමට එරෙහිව කහටගහපතල් සේවකයින් විසින් පසුගිය 19 වැනිදා ආරම්භ කිරීමෙන් පසුව ඊයේ රාත්‍රිය දක්වා පවත්වාගෙන ආ වැඩ වර්ජනයේ වඩාත් උණුසුම් දිනය ඊයේ උදා වූ අතර පතල් සේවකයකයින්ගේ දුක, කදුල, විරෝධය සහ ඇදවැටීම් මැද සංවේදී අයුරින් ගෙවී ගිය ඊයේ පස්වරුව අලලා සැකසෙන තවත් වීඩියෝ වාර්තාවක් ඉදිරි පැය කිහිපයේදී අප වෙබ් අඩවියේ පළකෙරෙනු ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article