Saturday, November 23, 2024

දැරියකට වින කළ ග්‍රාම සේවක අවුරුදු දහයක්ම ගෙදරින් බත් කා හමාරයි.

Must read

prisonග්‍රාම නිලධාරි කාර්යාලය තුලදී වයස අවුරුදු 16 ක ලාබාල දැරියක් දූෂණය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වැරදිකරුවකු වු ග්‍රාම නිලධාරිවරයකුට බරපතල වැඩ ඇතිව වසර දහයක සිරදඩුවමක් නියම කළ පුත්තලම මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්.ඒ. සී. ඩෙප් මහතා වින්දිත දැරියට රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ගෙවන ලෙසටද නියෝග කලේය.

මෙලෙස සිරදඩුවම් නියමවූයේ, වනාතවිල්ලුව රාල්මඩුව හිටපු ග්‍රාම නිලධාරී අබ්දුල් සපීර් මොහොමදු පයිනාස් නැමැත්තකුටයි.

2010 වර්ෂයේ ජුලි මස 31 වන දිනට හෝ ඊට ආසන්න දිනයකදී වනාතවිල්ලුව, එළුවන්කුලම , බොරළුවල ප්‍රදේශයේ පදිංවිච සිටි වයස අවුරුදු 16 ක දැරියක් තම කාර්යාලයට කැදවාගෙන දුෂණය කිරීම සම්බන්ධයෙන් දණ්ඩ නිතී සංග්‍රහයේ 195 අංක 22 සංශෝධිත 363(2) ඉ වගන්තිය යටතේ විත්තිකාර ග්‍රාම නිලධාරිවරයාට එරෙහිව පුත්තලම මහාධිකරණ හමුවේ නඩු පවරා තිබිණි.

සිර දඩුවමට සහ වන්දි මුදලට අමතරව රුපියල් පන්දාහක දඩ මුදලක් ගෙවන ලෙසට විත්තිකරුට නියම කළ පුත්තලම මහාධිකරණ විනිසුරුවරයා එම දඩ මුදල නොගෙවන්නේ නම් මාස 06 ක ලිහිල් සිර දඩුවමක්ද, රුපියල් ලක්ෂයක වන්දි මුදල නොගෙවන්නේ නම් වසර 02 සිරදඩුවමක්ද වෙන් වෙන්ව ගෙවී යන ලෙසටත් නියම කලේය.

රජයේ අධිනීතිඥ රන්දිමා ප්‍රනාන්දු මහත්මිය පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි මෙහෙය වූ අතර විත්තිකාර ග්‍රාම නිලධාරිවරයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ දුලීන්ද්‍ර වීරසුරිය හා නීතිඥ ඉන්දික තෙන්නකෝන් යන මහත්වරු අධිකරණය  හමුවේ පෙනී සිටියහ.

 පුත්තලම –  නලින් හෙන්දුරුගොඩ 

(ඉහත දැක්වෙන ඡායාරූපය මෙම සිදුවීමට කිසිසේත්ම අදාළ ඡායාරූපයක් නොවන අතර ප්‍රවෘත්තිය අර්ථවත් කිරීමේ අරමුණින් යොදාගෙන ඇති අන්තර්ජාල ඡායාරූපයක් බව කරුණාවෙන් සලකන්න )

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article