Sunday, November 24, 2024

දළරළ” නෞකාවේ නාවුක භටයින් 10 දෙනෙකු සුවවී ඉරණවිලින් පිටවෙයි

Must read

07 02 (1) 3 06 (1)

ඉරණවිල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි නාවුක හමුදා සෙබළුන් 12 දෙනෙකු පූර්ණ සුවය ලැබීමෙන් අනතුරුව 07 වැනිදා පෙරවරුවේ පිටත්ව ගියේය.

පූර්ණ සුවය ලබා පිටත්ව ගිය නාවුක සෙබළුන් අතර “දළරළ” නෞකාවේ සේවය කරමින් සිටි නාවුකයින් 10 දෙනෙකු සහ වැලිසර කදවුරේ සේවය කරමින් සිටි සෙබළුන් දෙදෙනෙකු ද වේ.

ඉරණවිල ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් සුවය ලැබූ නාවුක හමුදා සාමාජිකයින් සපුගස්කන්ද නාවුක හමුදා කදවුර  වෙත කරා රැගෙන යාමෙන් අනතුරුව දියතලාව නීරෝධායන කදවුර වෙත යොමු කිරීමට කටයුතු කරන බව නාවුක හමුදාව සදහන් කළේය.

මේ අතර ඉරණවිල ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් 09 දෙනෙකු 07 වැනිදා සවස පූර්ණ සුවය ලැබීමෙන් අනතුව පිටත්ව යාමට නියමිතව ඇත.ඩුබායි හී සේවය කරමින් සිට මෙරටට පැමිණ සිටි ඔවුන් ගිරාගම නීරෝධායන කදවුරේ සිට ඉරණවිල ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කර තිබුණි.කොරෝනා වෛරසය ආසාධනය වූ බවට හදුනා ගෙන ඇති ආසාධිතයින් 31 දෙනෙකු තවමත් ඉරණවිල ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටී.


ජුඩ් සමන්ත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article