Monday, November 18, 2024

දයාසිරි වයඹින් සමුගනී.

Must read

පසුගියදා පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග‍්‍රහණය කර පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ලෙස තේරී පත් වූ වයඹ ප‍්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සහ කෘෂිකර්ම අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා යන මහත්වරුන්ට සමුදීමේ උත්සවයක් අද උදෑසන වයඹ පළාත් ශ‍්‍රවණාගාරයේදී පැවැත්විණි.

වයඹ පළාත් සභාව නියෝජනය කරන මැති ඇමැතිවරුන්, අමාත්‍යංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප‍්‍රධානීන් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුඵ පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.

වයඹ පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා ලෙස කළ සේවය අගය කරමින් කුරුණෑගල නාගරික මන්ත‍්‍රී ත්‍යාගරාජා ක‍්‍රිෂ්ණපාල මහතා විසින් දයාසිරි ජයසේකර මහතා වෙත සමරුවක්ද මෙහිදී පිරිනමනු ලැබීය.

දින 640 ක කාලයක් පුරාවට තමන්ට ප‍්‍රධාන අමාත්‍ය තනතුරෙහි වැඩකටයුතු කරගෙන යාමට උදව් කළ සියඵදෙනාට ස්තූතිය පළකරමින් දයාසිරි ජයසේකර මහතා මෙහිදී කතා කළේය.

දයාසිරි ජයසේකර සහ සනත් නිශාන්ත පෙරේරා යන මහත්වරුන් ඇතුඵ වයඹ පළාත් සභා මන්ත‍්‍රීවරුන් හත්දෙනෙකු හෙට ( 01 දා ) පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ලෙස දිවුරුම්දීමට නියමිතව සිටී.

dayasamu dayasamu1 dayasamu2 dayasamu3 dayasamu4 dayasamu5

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article