Saturday, November 23, 2024

දයාසිරි කොරහත් බිදගෙනම ගිහින් !

Must read

dayasiriවයඹ හිටපු ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සහභාගි වූ පළාත් සභාවේ අවසන් කැබිනට් රැස්වීමේදී, මුදල් වංචාවන් ගණනාවක් සම්බන්ධයෙන් දූෂණ චෝදනා ලබා සිටින සීමාසහිත උඩුබද්දාව විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ධූර කාලය ලබන මාර්තු මාසය දක්වා දීර්ඝ කිරීමට කටයුතු කර ඇතැයි ඇතැයි වයඹ පළාත් සභා මන්ත‍්‍රී අසංක පෙරේරා මහතා අනාවරණය කළේය.

මෙම අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තනතුරු හොබවමින් සිටි සමයේදී රුපියල් හැත්තෑ ලක්ෂ අසූ දෙදහසක චෙක්පත් මුදල් වංචාවක් සහ තවත් රුපියල් කෝටි හතරක පමණ වංචා සහ දූෂණ සිදු වී ඇති බවට පළාත් සමූපකාර කොමසාරිස්වරයා විසින්ම පැවැත් වූ පරීක්ෂණයකදී හෙළි වී ඇතැයිද, එබැවින් සීමාසහිත උඩුබද්දාව විවිධ සේවා සමූපකාර සමිතිය වයඹ පළාත් සමූපකාර
කොමසාරිස්වරයා යටතට පත්කරන්නැයිද පළාත් සභා මන්ත‍්‍රී අසංක පෙරේරා මහතා වයඹ සමූපකාර අමාත්‍ය ගුණදාස දෙහිගම මහතාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

මන්ත‍්‍රීවරයා මෙම ඉල්ලීම කළේ පසුගියදා පැවැති වයඹ පළාත් සභා රැස්වීමේදී මන්ත‍්‍රීවරුන්ගේ පුද්ගලික කරුණු දැක්වීම් අවස්ථාවේදී විශේෂ ප‍්‍රකාශයක් කරමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අසංක පෙරේරා මහතා මෙසේද කීය.

” 2015 පෙබරවාරි 17 වැනිදා උඩුබද්දාව විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩලයේ කාලය අවසන් වුණා. එසේ තිබියදීත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් කාරක සභා ඡන්දයක් නොපවත්වාම මේ අධ්‍යක්ෂ මණ්ඩලයේ කාලය 2015 සැප්තැම්බර් 17 වැනිදා දක්වා දිගු කළා. නමුත් උඩුබද්දාව සමුපකාර සමිතියේ වංචා දූෂණ ගොඩක් සිද්ධවෙලා තියෙනවා කියලා අද වෙනකොට ඔප්පුවෙලා තියෙනවා. වයඹ සමූපකාර කොමසාරිස්තුමා විසින් 2015 අගෝස්තු මාසේ 30 වැනිදා මේ සමූපකාර සමිතිය ගැන ක්ෂණික පරීක්ෂණයක් කරලා තියෙනවා. ඒකේදී රුපියල් හැත්තෑ ලක්ෂ අසූ දෙදහසක චෙක්පත් මුදල් වංචාවක් පිළිබදව සහ තවත් රුපියල් කෝටි හතරක පමණ විශාල වංචා දූෂණ එළිවෙලා තියෙනවා. එහෙම තියෙද්දී 2015 අගෝස්තු 31 වැනිදා අපේ හිටපු මහ ඇමැතිතුමා සහභාගි වෙච්ච අන්තිම කැබිනට් රැස්වීමේදී එතුමා විසින් විෂයභාර අමාත්‍යවරයා විදිහට 2016 මාර්තු 17 වැනිදා දක්වා යළිත් වතාවක් මේ අධ්‍යක්ෂමණ්ඩලයේ කාලය දීර්ඝ කරලා තියෙනවා. වංචා සහ දූෂණ චෝදනා එල්ලවෙලා තියෙන මේ අධ්‍යක්ෂ මණ්ඩලයේ කාලය තවත් වතාවක් දිගු කිරීම පිළිබදව මේ සමූපකාර සමිතියේ සාමාජිකයින් දැන් විශාල විරෝධයක් දක්වනවා. ඒ නිසා සමූපකාර විෂය භාර ගරු ඇමැතිතුමාගෙන් මම ඉල්ලා සිටිනවා මේ චෝදනා පිළිබදව 46/1 පරීක්ෂණය කරලා , උඩුබද්දාව සමූපකාර සමිතිය වයඹ සමූපකාර කොමසාරිස්වරයාගේ පාලනයට යටතට පත් කරන්න කියලා. ” යැයි පැවසීය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article