(1.22PM) වන සතුන් දඩයමේ ගිය පුද්ගලයෙකු රැගෙන ගිය තමන්ගේම ගිනි අවිය පුපුරා මිය ගොස් ඔහු මියගොස් තිබේ. 16 වැනිදා රාත්රීයේ ආණමඩුව – සංගටිකුලම ප්රදේශයේදී මෙම සිද්ධිය සිදුවී ඇති අතර මිය ගොස් ඇත්තේ ආණමඩුව – සංඝට්ටිකුලම පදිංචිකරුවෙකු වන අබ්දූල් කාදර් උමර්ෂාන් (අවු:38) නම් අයෙකි.
සංඝට්ටිකුලම ප්රදේශයේ අතහැර දමන ලද ගොවිපලක තිබී මිය ගොස් ඇති අයගේ සිරුර හමුවී ඇත.එම ස්ථානයේ තිබී පුපුරා ගිය ගිනි අවියක කොටස් හමුවී ඇති බවත්පොලීසිය කියයි.මිය ගොස් ඇති අය මෙරට නිෂ්පාදනය කරන ලද ගිනි අවියක් රැගෙන වන සතුන් දඩයම් කිරීමට ගිය අවස්ථාවේ එය පුපුරා යාමෙන් මරණය සිදු වන්නට ඇති බවට විශ්වාස කරන බව පොලිස් වාර්තා සදහන් කරයි. මිය ගොස් ඇති අයගේ සිරුර මේ වන විට ආණමඩුව මූලික රෝහලේ තැම්පත් කර ඇත.