(8.42am)පුත්තලම දිස්ත්‍රික්කයේ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරන ප්‍රසාද් පූර්ණිමාල් ජයමාන්න මහතා ප්‍රවෘත්තියක් ආවරණය කිරීමට ගිය අවස්ථාවේදී ප්‍රහාරයකට ලක්වී ඇත. පසුගිය 17 වැනිදා වෙන්නප්පුව ප්‍රදේශයේදී මෙම ප්‍රහාරය එල්ලවී ඇත. ප්‍රහාරයට ලක්වූ ප්‍රසාද් පූර්ණිමාල් මහතා මේ සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලීසියට පැමිණිල්ලක්ද සිදු කර ඇත.
වෙන්නප්පුව ප්‍රදේශයේ සිදු කරන නීති විරෝධී ගොඩ කිරීමක් සම්බන්ධයෙන් තමන් ප්‍රවෘත්තියක් වාර්තා කිරීමට ගිය අවස්ථාවේදී ප්‍රහාරය එල්ල වූ බව ජයමාන්න මහතා පොලීසියට කර ඇති පැමිණිල්ලේ සදහන් වේ.එම ගොඩ කිරීම සදහා තමන්ට අවසර ඇති බවට එම ස්ථානයේ සිටි අයවළුන් පැවසූ බවත්,එම අවසරය ඉදිරිපත් කරන ලෙස තමන් ඉල්ලා සිටි අවස්ථාවේදී ප්‍රහාරය සිදුවූ බවද හෙතෙම කියා සිටී.මෙම ප්‍රහාරයට වයඹ පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රීවරයෙකු ගේ පුතෙකු සහ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ ආධාරකරුවෙකු සම්බන්ධ බවද ජයමාන්න මහතා පොලීසියට කර ඇති පැමිණිල්ලේ සදහන් වේ.
අප මේ සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලීසියෙන්ද විමසීමක් කළෙමු.එහි උසස් නිලධාරියෙකු මෙසේ පැවසීය.”මාධ්‍යවේදී ප්‍රසාද් පූර්ණිමාල් ජයමාන්න යන අයට කිසියම් පහර දීමක් සිදුවූ බවට අපට පැමිණිල්ලක් ලැබී තිබෙනවා. අප ඒ සම්බන්ධයෙන් මේ වන විට විමර්ශණයක් ආරම්භ කර තිබෙනවා. වෙන්නප්පුව ප්‍රදේශයේ පිහිටි පහත් බිමක් කිසියම් පිරිසක් විසින් ගොඩ කිරීමට සුදානම් වන බවට 17 වැනිදා අපට තොරතුරක් ලැබුණා.තවත් රජයේ නිලධාරීන් කීප දෙනෙකු සමග අප ඒ සම්බන්ධයෙන් විමර්ශණයක් සිදු කලා. අනතුරුව අදාල ගොඩ කිරීම තාවකාලිකව තහනම් කිරීමට අපි කටයුතු කලා. මෙම පහර දීම සිදු කලා කියන අවස්ථා ව වන විට රජයේ හෝ පොලිස් නිලධාරීන් කිසිවෙකු එම ස්ථානයේ සිටියේ නැහැ.කෙසේ වෙතත් අපි මේ සම්බන්ධයෙන් පූර්ණ විමර්ශණයක් සිදු කරනවා.”
මාධ්‍යවේදී ප්‍රසාද් පූර්ණිමාල් ජයමාන්න මහතා පසුගිය මස 20 වැනිදා මුන්දලම පොලිස් වසමේ කන්ද තොඩුවාව ප්‍රදේශයේදීද ප්‍රහාරයකට ලක් විය.වැලි කැපීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වාර්තා කිරීමට ගිය අවස්ථාවේදී එම ප්‍රහාරය එල්ල වී තිබුණි.
ජුඩ් සමන්ත.