Sunday, November 24, 2024

තෙළඹුගල්ල කනත්තේ තේක්ක ගස් 33 ක් හොරෙන් කපලා !

Must read

දොඩම්ගස්ලන්ද, තෙළඹුගල්ල මුස්ලිම් සුසාන භූමියේ සිටුවා තිබූ තේක්ක ගස් 33 ක් පසුගිය 28 වැනිදා රාත‍්‍රියේදී කිසියම් පිරිසක් විසින් නීතිවිරෝධී අයුරින් කපා බිම හෙළා තිබේ.

පසුගිය 28 වැනිදා රාත‍්‍රියේ පැමිණි බව කියන කිසියම් පිරිසක් විසින් මෙලෙස කපා බිම හෙළා ඇත්තේ තෙළඹුගල්ල මුස්ලිම් සුසාන භූමියේ වැට මායිමෙහි සිටුවා තිබූ සරුසාර තේක්ක ගස් පෙළකි. තෙළඹුගල්ල මුස්ලිම් සුසාන භූමිය එම ගම්මානයේ සිට තරමක් දුරින් පිහිටා තිබීම හේතුවෙන් මෙම ගස් කපාදැමීම පිළිබදව තමන් දැනුවත්වූයේ ගස් කැපීමට පැමිණි පිරිස එම ස්ථානයෙන් පිටවී ගිය පසුව බවද ප‍්‍රදේශවාසීහු කියති. කපා හෙලූ තේක්ක ගස් කදන් බවට පත්කර රැගෙනයාමට මේ දක්වා කිසිවෙකුත් නොපැමිණීම හේතුවෙන් බිම හෙලා ඇති ගස් ඒ ආකාරයෙන්ම පවතින ආකාරය එහි ගිය අපට දැකගත හැකිය.

මෙම ගස් කපාදැමීම පිළිබදව රිදීගම ප‍්‍රාදේශීය සභාවේ ලේකම් අජිත් කුමාරසිංහ මහතාගෙන් කළ විමසීමකදී හෙතෙම පැවසුවේ මේ පිළිබදව පසුගිය 28 වැනිදා රාත‍්‍රියේ තෙළඹුගල්ල ගම්වාසීන්ගෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව තෙළඹුගල්ල මුස්ලිම් සුසාන භූමියට ගොස් පරීක්ෂා කර බැලූ බවත් එහිදී ගස් 33 ක් කපා බිම හෙලා ඇති ආකාරය දැකගත හැකි වූ බවත්ය. තෙළඹුගල්ල අවසන් ගම් පිඹුරෙහි ඉතා පැහැදිලි ලෙස මෙම බිම් කොටස සුසාන භූමිය සදහා වෙන් කර ඇති බැවින් ඒ පිළිබද වගකීම රිදීගම ප‍්‍රාදේශීය සභාව වෙත පැවරී ඇති බවත්, මෙම ගස් කපාදැමීමට අවශ්‍ය වූ විටෙක එය රිදීගම ප‍්‍රාදේශීය සභාවේ මෙහෙයවීමෙන් සිදුකෙරෙන පිළිගත් ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලියක් හරහා සිදුවිය යුතු බවත් ලේකම්වරයා පැවසීය. එම කිසිදු ක‍්‍රමවේදයක් අනුගමනය නොකරමින් මෙන්ම සභාවේ කිසිදු අවසරයකින් තොරව සිදු වී ඇති මෙම ගස් කපා දැමීම නීතිවිරෝධී ක‍්‍රියාවක් වන බැවින් ඒ පිළිබදව ගොකරැල්ල පොලිසියට පැමිණිලි කළ බවත් අදාල පැමිණිල්ල පිළිබදව ගොකරැල්ල පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.thelambuugalla_07 thelambuugalla_06 thelambuugalla_05 thelambuugalla_04 thelambuugalla_03 thelambuugalla_02 thelambuugalla_01

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article