කුරුණෑගල – මහනුවර ප්රධාන මාර්ගයේ තෙලියගොන්න ප්රදේශයේදී කාන්තාවන් දෙදෙනෙකුට මරු කැදවමින් පසුගිය 18 වැනිදා සිදු වූ රිය අනතුරට සම්බන්ධ පුද්ගලික බස් රථ රියදුරාට ඇප ලබා නොදෙන ලෙස ඉල්ලමින් තෙලියගොන්න ප්රදේශවාසීහු පිරිසක් අද කුරුණෑගල අධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වූහ.
වාහනයක් පසුකරයාමට උත්සාහ කළ මෙම පුද්ගලික බස් රථය ඉදිරියෙන් පැමිණි ත්රිරෝද රථයක, යතුරු පැදියක සහ මෝටර් රථයක මුහුණට මුහුණලා ගැටීමෙන් ත්රිරෝද රථයෙහි ගමන්කරමින් සිටි කාන්තාවක් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කළහ.
කුරුණෑගල නාගරික මන්ත්රී අබ්දුල් සත්තාර් මහතා ඇතුලු පිරිසක් විසින් මෙම මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි.