Saturday, January 18, 2025

තැපැල් ඡන්දය අදයි. නිවැරදි තීරණයකට අපෙන් සුබපැතුම් !

Must read

2015 පාර්ලිමෙන්තු මහ මැතිවරණයේ තැපැල් ඡන්දය සළකුණු කිරීම අද ආරම්භවීමට නියමිතය. ඒ අනුව රාජ්‍ය සේවකයින් සදහා අද , හෙට (04) සහ අනිද්දා ( 05 ) ඔවුන්ගේ සේවා ස්ථානයන්හිදී සිය තැපැල් ඡන්ද සළකුණු කිරීමට අවස්ථාව ලබා දී තිබේ. තැපැල් ඡන්ද සළකුණු කිරීමේ පළමු දිනය වන අද දිනය ‍ගුරුවරුන් සදහා වෙන් කර ඇති අතර හෙට සහ අනිද්දා දිනයන්හිදී සෙසු රාජ්‍ය සේවකයින්ට ඔවුන්ගේ ඡන්දය සළකුණු කිරීමට අවස්ථාව ලබා දී තිබේ.

ඕනෑම මැතිවරණයක් ජයග්‍රහණය කිරීම සදහා රාජ්‍ය සේවකයින් විසින් සළකුණු කරනු ලබන තැපැල් ඡන්ද වැඩිවශයෙන් දිනාගැනීම පවතින මැතිවරණ ක්‍රමය තුළ අනිවාර්ය සාධකයක් වී තිබේ. එවැනි පසුබිමක් තුළ රාජ්‍ය සේවකයින් තම පක්ෂය වෙත ආකර්ශණය කරගැනීම සදහා සෑම දේශපාලන පක්ෂයක්ම පාහේ විශාල උනන්දුවක් දක්වමින් සිටිති..පහත දැක්වෙන්නේ මෙවර මැතිවරණයට ඉදිරිපත් වී සිටින ප්‍රධාන පක්ෂ තුන වන එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ විසින් තැපැල් ඡන්දය ඉලක්ක කරගනිමින් රාජ්‍ය සේවය පිළිබද සිය ප්‍රතිපත්ති ඇතුළත් කර අද අලුයම නිකුත් වූ සිංහල පුවත්පත්වල පළකර තිබූ දැන්වීම්ය.

ඒ අනුව අදාළ පක්ෂ තුනෙහිම ප්‍රතිපත්ති කියවා බලා, ඒවා පිළිබදව සංදන්දනය කර බැලීමෙන් අනතුරුව වඩාත් යහපත් රටක් මෙන්ම කාර්යක්ෂම රාජ්‍ය සේවයක් නිර්මාණය කළ හැකි සුදුසුම පක්ෂය වෙත ඔබගේ වටිනා තැපැල් ඡන්දය පාවිච්චි කිරීමට හැකිවේවා යැයි ‘වයඹ ටුඩේ’ වෙබ් අඩවිය මෙරට සිටින ලක්ෂ සංඛ්‍යාත රාජ්‍ය සේවකයින් වෙත සුබ ප්‍රාර්ථනා කරයි.

01 02 03

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article