Sunday, January 19, 2025

තමන්ගේ ප්‍රමාදය ගැන නියෝජ්‍ය ඇමැති හර්ෂ ඉබ්බාගමුව මැදි විදුහලෙන් ප්‍රසිද්ධියේ සමාව ගනී ! (VIDEO)

Must read

harsha_iccඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය ඊයේ (23 දා) එම විද්‍යාලයේ පී. එම්. ජයතිලක ශාලාවේදී පැවැත්විණි.

එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගිවීමට නියමිතව සිටි විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලය වෙත පැමිණියේ නියමිත වේලාවට වඩා විනාඩි විස්සක් පමණ ප්‍රමාදවය.

විද්‍යාලය වෙත පැමිණි නියෝජ්‍ය ඇමැතිවරයා විද්‍යාලයේ දරු දැරියන් විසින් පිළිගැන් වූ බුලත් හුරුලු පිළිගැනීමට පෙර තමන්ගේ ප්‍රමාදය පිළිබදව ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයේ විදුහල්පතිනි නිරෝධා අබේවික්‍රම මහත්මිය සහ එම ස්ථානයේ සිටි ගුරුවරුන් සහ සිසු සිසුවියන් ඇතුලු සියලු දෙනාගෙන් තම ප්‍රමාදය පිළිබදව ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටීමට තරම් නිහතමානී වෙයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් බුලත් හුරුලු පිළිගෙන විද්‍යාලයට ඉන් අනතුරුවය.

ත්‍යාග ප්‍රදානෝත්සවය අමතමින් තම කතාව ආරම්භ කළ හර්ෂ ද සිල්වා මහතා උත්සවයට පැමිණීමට ප්‍රමාදවීම පිළිබදව විදුහල්පතිනිය, ආචාර්ය මණ්ඩලය සහ සිසු සිසුවියන්ගෙන් නැවත වරක් සමාව ඉල්ලා සිටියේය. කොළඹ සිට ඉබ්බාගමුවට ඒමට පැය දෙක හමාරක් ප්‍රමාණවත් වේයැයි සිතා කොළඹින් පිටත් වූ නමුත් දඹුල්ල – කුරුණෑගල මාර්ගයේ සිදුකෙරෙන මාර්ග නවීකරණ කටයුතු හේතුවෙන් වාහන තදබදයට හසුව අමතර විනාඩි විස්සක් වැයකරන්නට සිදුවීම තම ප්‍රමාදයට හේතු වූ බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලය වෙත පා තැබීමට පෙර හර්ෂ ද සිල්වා මහතා තම ප්‍රමාදය පිළිබදව ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටි ආකාරය පහත වීඩියෝවෙන් දැක්වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article