බීමතින් රාජකාරියේ යෙදුණු බවට සැකපිට වාරියපොල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.කේ.එන් ප්‍රියන්ත මහතා අද පස්වරුවේ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
වාරියපොල පොලිස් ස්ථානාධිපතිවරයා බීමතින් රාජකාරියේ යෙදී සිටි බවට ලැබී තිබූ පැමිණිල්ලකට අනුව අද පස්වරුවේ එහි ගිය කුරුණෑගල සහකාර පොලිස් අධිකාරී සමරකෝන් බණ්ඩා මහතා ඇතුලු පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු විසින් පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගැනීමෙන් පසුව කුරුණෑගල ශික්ෂණ රෝහල කරා රැගෙන එනු ලැබූ ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.කේ.එන් ප්‍රියන්ත මහතා මීට ටික වේලාවකට පෙර වෛද්‍ය පරීක්ෂණයක් සදහා කුරුණෑගල අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කරනු ලැබීය.
කෙසේවෙතත් ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.කේ.එන් ප්‍රියන්ත මහතා බීමතින් රාජකාරියේ යෙදී සිටින බවට මීට ඉහතදීත් පැමිණිලි ගණනාවක් ලැබී තිබීම හේතුවෙන් ඒ පිළිබදව උසස් පොලිස් නිලධාරීන්ගේ අවවාද කිරීම්වලටද ලක් වී තිබූ බව පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.