ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ තව ස්වල්ප වේලාවකින් දිවුරුම්දීමට නියමිත වයඹ පළාත් සභාවේ නව අමාත්‍ය මණ්ඩලයට සෞඛ්‍ය, දේශීය වෛද්‍ය සහ ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටින ඞී. බී. හේරත් මහතා ඇතුළත් වී නොමැති බව වාර්තා වෙයි.
ඞී. බී. හේරත් මහතා ඇමැති තනතුරින් ඉවත් කර ඒ වෙනුවට ලක්ෂ්මන් වේඩරුව මහතා නව අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දෙනු ඇති බවත්, පුත්තලම් දිස්ත්‍රික්කය නියෝජනය කරමින් වයඹ පළාත් සභාවේ සභානායක සුමල් තිසේරා මහතාද නව අමාත්‍යවරයෙකු ලෙස පත්කරනු ඇති බවත් ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග කියයි.
ඒ අනුව තව ස්වල්ප වේලාවකින් දිවුරුම්දීමට නියමිත වයඹ පළාත් සභාවේ අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් පහත දැක් වේ.
ධර්මසිරි දසනායක.
සන්ධ්‍ය රාජපක්ෂ.
ගුණදාස දෙහිගම.
ලක්ෂ්මන් වේඩරුව.
සුමල් තිසේරා.