Sunday, November 24, 2024

ඩයලොග් සේවකයෙක් මුහුදට බිලිවෙයි.

Must read

waikkala_deathමුහුදේ දිය නාමින් සිටියදී රළ පහරකට හසුව අතුරුදන් වී සිටි 23 හැවිරිදි තරුණයෙකුගේ මළ සිරුර අද (15) පස්වරුවේ මුට්ටුව වෙරළට ගොඩ ගසා තිබියදී ප්‍රදේශවාසීන් විසින් සොයාගනු ලැබූහ.

මෙලෙස ජීවිතක්ෂයට පත් වූයේ අංක 152/3, ගන්නෝරුව, පේරාදෙණිය ලිපිනයේ පදිංචි විදුර ශ්‍රී කාන්ත මලියවඩු නැමැති ඩයලොග් ආසියාටා සමාගමේ මහනුවර කාර්යාලයෙහි සේවය නියුතු අයෙකි.

ඊයේ (14 දා ) දිනයේදී වයික්කාල, අලුත්තොට රන්වැලි හෝටලයට පැමිණ තිබූ එම කාර්යාලයේ සේවක සේවිකාවන් පිරිසක් මුහුදේ දිය නාමින් සිටියදී ඒ අතර සිටි සිව්දෙනකු රළ පහරකට හසුව මුහුදට ගසාගෙන ගොස් තිබේ. පිරිස මුහුදට ගසාගෙන යනු දුටු හෝටල් සේවකයකු සහ විදේශිකයකු විසින් මහත් පරිශ්‍රමයක් ඉන් තිදෙනකු බේරාගෙන ඇති නමුත් ඉහත තරුණයා දියේ ගිලී අතුරුදන්ව සිටියේය.

වෙන්නප්පුව රවීන්ද්‍ර ලියනගේ විසිනි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article