Saturday, January 18, 2025

‘ටෝනිස් ඇක්වේරියම්’

Must read

මනසේ ඇති වන දහසකුත් එකක් ප්‍රශ්න ,ගැටළු අමතක කරන්න , ඒවගේම මනසේ ඇති වන ආතතිය, කාංසාව සහ මානසික පීඩනය වගේ දේවල් අවම කර ගන්නත් බෝ⁣හෝ අය සුරතල් මසුන් ඇති කරන්න යොමු වෙලා තියෙනවා. විසිතුරු සුරතල් මසුන් ඇති කිරීම තමන්ගේ නිවසට,කාර්‍යාලයට ,සේවා ස්ථානයට ගෙන එන්නේ අමුතුම සිරියාවක්. එලෙසම මෙය තවත් අයෙකුට විනෝදාංශයක්.මේ හේතු නිසාම සුරතල් මසුන් විකිණීම අද වන විට සුවිශේෂී ව්‍යාපාරයක් බවට පත්ව තියෙනවා. වෙන්නප්පුව ප්‍රදේශයේ ද සුරතල් මසුන් ඇතිකරන විශාල පිරිසක් සිටින නිසා වෙන්නප්පුව ප්‍ර⁣ද්ශයේද මෙම ව්‍යාපාරය ඉතා සාර්ථකව කෙරෙන නගර ප්‍රදේශයක් ලෙස නමි කල හැකියි.ඒ නිසාම සුරතල් මසුන් ඇතිකිරීම සම්බන්ධව දැන කියාගන්නට වෙන්නප්පුව නගර මධ්‍යයේ ,දැනට කාලයක සිට මෙම ව්‍යාපාරයේ යෙදෙන ” ටෝනිස් ඇක්වේරියම් ” හී අධිපති ඇන්තනී විජේසූරිය මහතා හමුවුනෙමු

මුලින්ම ඔබ ගැන කෙටියෙන් කිව්වොත් ?

මගේ ගම මාතර . මගේ පියා විදුහල්පතිවරයෙක් . පර්සි බෝයි කියලා කියන්නේ මගේ පියාට . ඔහු විශ්‍රාම ගියේ නාත්තන්ඩිය ධම්මිස්සර පාසලෙන් . ඒක නිසා අපි වෙන්නප්පුවේ පදිංචි වුණා .දැන් වෙන්නප්පුව තමයි මගේ ගම . දැන් මට වයස අවුරුදු 75ක් වෙනවා . මම මැද පෙරදිග රැකියා කරලා , විශ්‍රාම යද්දී මේ ව්‍යාපාරයට යොමු වුණා.දැන් අවුරුදු විස්සක් විතර මේ ව්‍යාපාරය කරගෙන යනවා.

ඔබේ ව්‍යාපාරය ගැන විස්තර ටිකක් කිව්වොත් ?

මගේ ව්‍යාපාරය තුළින් සුරතල් විසිතුරු මසුන් අලෙවි කරනවා .ඒත් එක්කම සුරතල් මසුන්ගේ ආහාර ,මාළු ටැංකි ,ටැංකි වලට සවි කරන මෝටර් ෆිලිටර් , වගේම ටැංකි වලට සවි කරන විසිතුරු උපකරණ, බෙහෙත් වර්ග වගේ දේවල් ද මම අලෙවි කරනවා. මට මසුන් බෝ කරන්න ,ටැංකි හදාගන්න මෙතන ඉඩකඩ නැහැ. ඒක නිසා මට විසිතුරු මසුන් සපයන සැපයුම්කරුවන් කීපදෙනෙක් ඉන්නවා. එයාලගෙන් අරගෙන සුළු ලාභයක් තියාගෙන ඉතා සාධාරණව මම මේ ව්‍යාපාරය කරගෙන යනවා.

මසුන් මිලදී ගන්න , මේ ස්ථානයට පැමිණෙන අයගෙන් ඔබට ලැබෙන ප්‍රතිචාරය කොහොමද ?

මම මුලින්ම කිව්වා වාගේ මම සුරතල් මසුන් ඇතුළු මෙතැන විකුණන සෑම දෙයකටම සුළු ලාභයක් තියාගෙන තමයි අලෙවි කරන්නේ .ඒක නිසා මෙතැනට එන්න පුරුදු වුන අය කොහොමත් මෙතැනට එනවා.මොකද මම සාධාරණව මේ අලෙවි කටයුතු කරනවා කියන එක ඒ හැමෝම දන්නවා. අනික තමයි ,මාළු පැටව් ඇතුළු අනෙකුත් දේවල් වැඩිපුර මම තියාගන්නේ නැහැ . මට එහෙම තියාගන්න තරම් මෙතන ලොකු ඉඩකුත් නැහැ . දැන් මාළු පැටව් ලොකු තොගයක් මෙතන නැති නිසා, ලෙඩ රෝග වගේ දේවල් බෝ වෙන්න තියෙන ඉඩකඩ අඩුයි. ඒක මෙතැනට එන බොහෝ දෙනෙක් දන්නවා .ඒ නිසා මෙතනට එන බොහෝ දෙනෙකුට මාව හොඳට විශ්වාසයි. එහෙම විශ්වාසයක් ගොඩනැගුණු හින්දයි මට අවුරුදු විස්සක පමන කාලයක සිට මේ ව්‍යාපාරය කරගන්න හැකි වුණේ.

මේ ස්ථානයේ වැඩි වශයෙන්ම අලෙවිවන සුරතල් මසුන් වර්ග මොනවාද ?

ග්ලෝ ටෙට්රා, ඒන්ජල්ස්, ගෝල්ඩ් ෆිෂ්, කාෆ්, ගප්පි, සීබ්‍රා, ඔස්කා සහ කැට් ෆිෂ් වාගේ සුරතල් මසුන් තමයි මෙතන වැඩියෙන්ම අලෙවි වෙන්නේ. ඊට අමතරව මාළු ටැංකි, මාළු ටැංකු වලට සවිකරන මෝටර් පිල්ටර් වාගේ උපකරන , මසුන්ගේ ලෙඩ රෝග වලට අවශ්‍ය කරන බෙහෙත් හේත් වගේම විවිධකාර මාළු කෑම වර්ගද මෙතන වැඩි වශයෙන් අලෙවි වෙනවා.

මේ ව්‍යාපාරය කරගෙන යද්දී මුහුන දෙන ගැටලු මොනවාද ?

           මේ ව්‍යාපාරය සදහා අවශ්‍යම ප්‍රධාන  දෙයක් තමයි විදුලිය .පසුගිය කාලයේ අඛණ්ඩව මාස් පතා වගේ විදුලි බිල වැඩි වුණා . එවැනි තත්ත්වයකදී අපේ ව්‍යාපාර කරගෙන යාමට දුෂ්කරතා ඇතිවෙනවා.ඒවාගේම  මාළු පැටවුන්ගේ මිල  ඉතාම සුළු කාලසීමාවන් වලදී වැඩි වීම ද ගැටළුවක්.ඒවගේම කාලයට සාපේක්ෂකව වරිපනම් බදු  වැනි දේ වැඩිවීමද ගැටලුවක්. ටෙලිෆෝන් බිල් වල ගස්තු වැඩිවීම ,සහ ප්‍රවාහන ගාස්තු වැඩිවීම වගේ දේවල් ද  අපේ ව්‍යාපාරය කරගෙන යාමට දැඩිව බලපානවා.

ඔබ කැමතිද මේ වගේ ව්‍යාපාරයකට පිවිසෙන්න බලාපොරොත්තුවෙන් සිටින කෙනෙකුට යම් උපදෙසක් දෙන්න ?

මේ වගේ ව්‍යාපාරයක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් එය අවංක සිතින් කළ යුතුයි. එය බොහෝම සාධාරණව තමන් ළඟට එන පාරිභෝගිකයන්ට විශ්වාසය ගොඩනැගෙන විදිහට අලෙවි කටයුතු කළ යුතුයි.අනිත් එක මේ ව්‍යාපාරය තුළින් විශාල මානසික සහනයක් , මානසික තෘප්තියක් ලැබෙනවා. මේ ව්‍යාපාරය මනසට සංවේදීව අවංකව කරනතාක් මේ ව්‍යාපාරය තුළ රැඳී සිටිය හැකියි.


තුෂාර රොහාන්

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article