Sunday, January 19, 2025

ජොනීගේ අවුරුදු මේසයේදී මහින්දගේ වෝකි ටෝකි එකටත් තට්ටු වෙයි.

Must read

alu_yata_gini_nov11Dපළාත් සභාවෙන් මාධ්‍යවේදීන්ට සුදු කොඩි එසවෙයි.

මාධ්‍යවේදීන් සහ වයඹ පළාත් සභාව අතර හටගෙන ඇති අර්බුදකාරී තත්වය සමථයකට පත්කිරීමේ අරමුණින් මහ ඇමැති ධර්මසිරි දසනායක සහ වයඹ පළාත් සභා රැස්වීම් වාර්තා කිරීමේ නියුතු මාධ්‍යවේදීන් අතර විශේෂ සාකච්ඡාවක් පැවත්වුණේ පසුගිය 11 වැනිදාය. මෙම සාකච්ඡාව සදහා පැමිණෙන ලෙසට මහ ඇමැති ධර්මසිරි විසින් පළාත් සභා රැස්වීම් වාර්තා කිරීමේ නියුතු මාධ්‍යවේදීන් වෙත පුද්ගලිකවම ආරාධනා කිරීමට කටයුතු කර තිබිණි. තරමක් පමා වී හෝ ප‍්‍රධාන අමාත්‍යවරයාගේ පැත්තෙන් එසවුණු සුදු කොඩිය වෙත පෙරළා සුහද ප‍්‍රතිචාර දැක් වූ මාධ්‍යවේදීන් සියලුදෙනාම පාහේ සාකච්ඡාවට සහභාගිවීම සදහා නියමිත වේලාවටම පළාත් සභා සංකීර්ණය වෙත පැමිණ සිටියහ. මාධ්‍යවේදීන් වයඹ පළාත් සභා සංකීර්ණයට පා තැබුවේ මාස දෙකක කාලයට පසුව වන අතර පෙබරවාරි 16 වැනිදා පැවැති පළාත් සභා රැස්වීමේදී සභාපති ටිකිරි බණ්ඩා විසින් මාධ්‍යවේදීන් දොට්ට බසින ලෙසට කළ කැකිල්ලේ නියෝගයෙන් පසුව පළාත් සභාව පැත්තේ පස් නොපෑගීමට මාධ්‍යවේදීන් විසින් අකුරටම වගබලාගෙන තිබිණි. ප‍්‍රධාන අමාත්‍යංශ කමිටු රැස්වීම් ශාලාවේදී සූදානම් කර තිබූ සාකච්ඡාවට මහ ඇමැති ධර්මසිරි පැමිණ අසුන් ගැනීමත් සමග සංවාදය ආරම්භ විය. ‘‘මම නම් දකින්නේ මෙතැනදී දෙපැත්තෙන්ම වැරදි සිද්ධ වුනා. පත්තරේ වැරදි ප‍්‍රවෘත්තියක් ගිය නිසා තමයි සභාපතිතුමාටත් මාධ්‍යට ඒ විදිහට කතාකරන්න සිද්ධ වුණේ. ඒ නිසා තමයි සභාපතිතුමා මාධ්‍යට සභාවට එන එකත් තහනම් කළේ. නමුත් ප‍්‍රධාන අමාත්‍යවරයා විදිහට මම කිසිම වෙලාවක ඔයාලට කිව්වේ නැහැ පළාත් සභාවට එන්න එපා කියලා. නමුත් ඔයාලා ඒක වැරදියට තේරුම් අරගෙන මුලු පළාත් සභාවම වර්ජනය කළා.’’ධර්මසිරි කීය. ‘‘නැහැ. වැරදියට තේරුම් ගත්තා නෙවෙයි මහ ඇමැතිතුමා. ටිකිරි බණ්ඩා අපිට කරපු අපහාසයට සමස්ත වයඹ පළාත් සභාවට වර්ජනය කරන්න අපි සියලු දෙනාම සාමූහික තීන්දුවකට අපි ආවා. ’’මාධ්‍යවේදීන් ධර්මසිරි නිවැරදි කරමින් කීහ.

තට්ටුවෙන්න ගිය ආසන සංවිධායකකම ටිකිරි බණ්ඩාට බේරා දුන් හැටි මහ ඇමැති හෙළිකරයි.

මෙම සාකච්ඡාව අතරතුරදී සභාපති ටිකිරි බණ්ඩා විසින් දැනට දරමින් සිටින ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකමට තට්ටුවෙන්නට ගොස් නූලෙන් එය වැළැකී ගිය හැටිද මහ ඇමැති ධර්මසිරි විසින් හෙළිකළේය. ‘‘ඒ ප‍්‍රවෘත්තිය නිසා අපේ සභාපතිතුමාගේ ආසනේටත් වදින්න ගියේ. ඇත්තම කියනවා නම් දුමින්ද දිසානායක ඇමැතිතුමයි, එස්. බී. දිසානායක ඇමැතිතුමයි මට කතාකරලා කිව්වා පොල්ගහවෙල භාරගන්න කියලා. මම කිව්වා ඔය කියන සිද්ධිය ඇත්ත නම් කිසි කතාවක් නැතුව මම ආසනේ භාරගන්නම්. නමුත් එහෙම දෙයක් වෙලා නැති නිසා මට ඒක භාරගන්න බෑ කියලා. පස්සේ ඒ අය මගෙන් අහනවා ඔයා කොහොමද නෑ කියන්නේ මේ පත්තරෙත් දාලා තියෙන්නේ කියලා. පස්සේ මම කිව්වා මම ඒ ගැන හොදට හොයා බැලූවා. සීසීටීවී කැමරාවල දර්ශන පවා බැලුවා. ඔය කියන විදිහේ රැස්වීමක් එදා පළාත් සභාවේ තිබිලා නෑ කියලා. එහෙම රැස්වීමක් තිබුණා කියලා කවුරු හරි ඔප්පු කළොත් හෙටම මම මේ මහ ඇමැතිකම දාලා යනවා කියලා කීවම තමයි ඒ තත්වය සමනය කරගන්න පුඵවන් වුණේ. ’’ධර්මසිරි කීවේය.

ධර්මසිරි අඵ යට ගිනි ගැනත් කතා කරයි.

සාකච්ඡාව අතුරතුරදී මහ ඇමැති ධර්මසිරි ‘අඵ යට ගිනි’ වෙතද ඇගිල්ල දිගු කළේය. ‘‘දැන් බලන්න ඔයාගේ පිටුවේ ලියලා තිබුණා මහ ඇමැතිගෙන් මහ ඇමැතිට වයඹ සංවර්ධන සැලසුම් මාරුවෙනවා කියලා. ඒක වැරදි කතාවක්නේ. අපි එදා ජනාධිපතිතුමා ගෙනල්ලා කළේ පරිසර සැලැස්මක් එළිදක්වපු එක විතරයි. ඒකත් පස් අවුරුදු සැලැස්මක් නෙවෙයි තුන් අවුරුදු සැලැසුමක්. මේවා දාන්න කලින් නිකමට හරි අපෙන් අහන්න තිබුණනේ. ’’ධර්මසිරි අඵ යට ගිනි වෙත දෝස් මුරයක් දමන්නට විය. මහ ඇමැතිගේ ගෝරනාඩුව හමුවේ වයඹ පළාතේ පස් අවුරුදු සැලැස්මක් ගැන කියමින් එදින ජාතික පුවත්පතක පළ කර තිබූ දැන්වීම ධර්මසිරිට පෙන්වන්නට ලියුම්කරුට සිදු විය. අදාල දැන්වීමෙහි පස් අවුරුදු සැලැස්ම යනුවෙන් පොල් ගෙඩි අකුරින් මුද්‍රණය කර තිබෙන ආකාරය ලියුම්කරු විසින් සාක්ෂි සහිතවම මහ ඇමැති ධර්මසිරි වෙත පෙන්වා දුන්නේය. ‘‘අපිත් හිතුවේ එහෙම තමයි මහ ඇමැතිතුමා. අපිට පළාත් සභාවෙන් එවලා තිබුණු ආරාධනා පත‍්‍රයෙත් තිබුණේ පස් අවුරුදු සැලසුමක් එළිදක්වනවා කියලා තමයි. ’’සාකච්ඡාවට වාඩි වී සිටි අනෙක් මාධ්‍යවේදීන්ද කරුණු දක්වන්නටවීම නිසා අන්තිමේදී ධර්මසිරි නිරුත්තර වී ගියේය. අන්තිමේදී වැරැද්ද පැටවුණේ පැත්තක සිටි මාධ්‍ය ලේකම් අමිල දසනායක වෙතය. ‘‘ඔයාලාත් මේ දැන්වීම් පත්තරවලට යවන්න කලින් ඒවායේ තියෙන්නේ මොනවද හොයලා බලන්න’’ධර්මසිරි අමිලට දොස් පවරන්නට විය. ‘‘ඔය අවුරුදු පහේ සැලසුම් අදාල වෙන්නේ අපිට නෙවෙයි ජනාධිපතිතුමාට. අපිට තව අවුරුදු දෙක හමාරයි බලයේ ඉන්න තියෙන්නේ. ඒක ඔයාලා පැහැදිලිව ලියන්න. නැත්නම් ජනාධිපතිතුමා බලයි මොකද යකෝ මේ ධර්මේ අවුරුදු දෙක හමාරක් තියාගෙන පස් අවුරුද්දක් ගැන කිය කිය මොකාටද මේ එන්න හදන්නේ කියලා ? ’’ ධර්මසිරි කියද්දී මුලු සාකච්ඡා කාමරයම සිනා සයුරේ ගිලී ගියේය. උණුසුම් අදහස් උදහස් හුවමාරුවීම් මැද්දේ වුවද ප‍්‍රශස්ත සහ වැදගත් මට්ටමින් පැවැත්වුණු සංවාදය අවසන් කෙරුණේ දෙපාර්ශ්වයටම එකග විය හැකි සතුටුදායක මට්ටමේ තීන්දු තීරණ කිහිපයකට එළැඹීමෙන් පසුවය. තමන් මුහුණදී සිටි ප‍්‍රශ්නයට සැබෑ විසදුමක් සෙවීමේ අවංක චේතනාවෙන් සාකච්ඡාවට වාඩි වූ මාධ්‍යවේදීන්ගේ පැත්තෙන් සතුටු විය හැකි ජයග‍්‍රහණ ගණනාවක් සමග සාකච්ඡාව අවසන් විය. ටිකිරි බණ්ඩා විසින් මාධ්‍යව්දීන් පිළිබදව කළ අවමන් සහගත ප‍්‍රකාශය ඉල්ලා අස්කර ගැනීම මෙන්ම වයඹ පළාත් සභාව පැත්තෙන් මාධ්‍යවේදීන් උදෙසා සුබ සාධන සහ පුහුණු වැඩපිළිවෙලක් සකස්කිරීම සදහාත් මෙම සාකච්ඡාවේදී අඩිතාලම වැටිණි. ‘‘මහඇමැතිවරයා විදිහට ඔබතුමා දක්වපු ප‍්‍රතිචාරයට සුහද ප‍්‍රතිචාරයක් දැක්වීම අපෙත් යුතුකමක්.ඒ නිසයි අපි අද මේ සාකච්ඡාවට වාඩිවුණේ. ඔබතුමාගේ ඉල්ලීමට අනුව පළාත් සභාව එක්ක තියෙන ආරවුල මෙතැනින් අවසන් කරන්න අපි ලෑස්තියි. නමුත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ අපි කිසිසේත්ම ටිකිරි බණ්ඩාව අත්හරිනවා කියන එක. ටිකිරි බණ්ඩා විසින් අපිට සහ අපේ වෘත්තියට කළ අපහාසය වෙනුවෙන් අපේ පෑන් තවමත් ක‍්‍රියාත්මකයි. ‘මාධ්‍යවේදීන් දොට්ට දැමූ ටිකිරි බණ්ඩා ජනතාව ගෙදර යවති ’කියලා අපේම පෑන්වලින් ලියවෙන යම් දවසක් එනකම් මේ සටන ක‍්‍රියාත්මකයි. ඒ නිසා කරුණාකරලා ඔබතුමා ඒ සටනට මැදිහත් වෙන්න එන්න එපා.’’සාකච්ඡාවෙන් නැගිටින්නට පෙර මාධ්‍යවේදිහු ධර්මසිරිට කීහ. ඒ අනුව සති ගණනාවක් තිස්සේ වයඹ පළාතේ මාධ්‍යවේදීන් විසින් තම පෑන්වලින් ගෙනගිය සටන ප‍්‍රතිඵලදායක අවසානයකට පැමිණියේ එලෙසිනි. ප‍්‍රශ්නය සහමුලින්ම විසදී නැති පසුබිමක මෙන්ම සටන සම්පූර්ණයෙන්ම අවසන් වී නැති පසුබිමෙක වුවත් අදාළ සාකච්ඡාව සැලකිය හැක්කේ වීදි සටන් වලට වඩා පෑනේ සටන බලවත් බව පෙන් වූ අවස්ථාවක් ලෙසටය. ඒ සමගම සැබෑ ප‍්‍රශ්නයට උත්තර සොයනු වෙනුවට තම තමුන්ගේ පුද්ගලික ප‍්‍රතිරූප ගොඩනංවාගැනීමේ මාසික මාධ්‍ය සංදර්ශනවල නියුතු මාධ්‍ය මුදලාලිලා සහ ගොඩ පෙරකදෝරුවන් ලැබූ අන්ත පරාජයක් ලෙසටය.

මෛත‍්‍රී පිහිටෙන් සභාපතිකම බෙදාගත් ටිකිරි බණ්ඩා මහින්දට ලුණු මිරිස් බෙදයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගිය සෙනසුරාදා පස්වරුවේ කුරුණෑගලට ආවේ ඊට පසුදින කුරුණෑගල සිය හිතවතුන් සහ ආධාරකරුවන් සමග එක් වී අඵත් අවුරුද්ද සමරන්නටය. මෙම අවුරුදු සැමැරීම සංවිධානය කරන්නට මුල් වී සිටිණේ මන්ත‍්‍රී ජොන්ස්ටන් සහ සාලින්දය. මහින්දගේ ඉදුම් හිටුම් සදහා මන්ත‍්‍රී ජොන්ස්ටන් විසින් වෙන්කර දී ඇති කුරුණෑගල, වැවරවුමේ පිහිටි නිවසේදී පසුගිය ඉරිදා අඵත් අවුරුදු තේ මේසයක් සූදානම් වී තිබුණේ ඒ අනුවය. අවුරුදු තේ මේසයට පෙර දින රාත‍්‍රියේදී මහින්දගේ සහභාගිත්වයද ඇතිව එම නිවසේදීම තවත් කුඩා පරිමාණ සාදයක් සූදානම් වී ජොන්ස්ටන්ගේ සහ සාලින්දගේ කාර්ය මණ්ඩල සාමාජිකයින් වෙනුවෙනි. මහින්ද සම අඵත් අවුරුදු තේ මේසය ඉදුල් කිරීම සදහා මන්ත‍්‍රී සනත් නිශාන්ත පෙරේරා මෙන්ම දිගාමඩුලු දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමලවීර දිසානායකද ජොන්ස්ටන්ගේ ඇරැයුම පිට ඉරිදා උදෑසනින්ම වැවරවුමට පැමිණ සිටියහ. ඊට අමතරව පළාත් පාලන මන්ත‍්‍රීවරුන් ඇතුලු මහින්දට සහය දක්වන විශාල පිරිසක්ද එහි පැමිණ සිටියහ. ටික වේලාවක් ගතවෙද්දී මන්ත‍්‍රී නාමල් රාජපක්ෂද තංගල්ලේ සිට එහි පැමිණියේය. මහින්ද අලුත් අවුරුද්දට සුබ පතමින් මෙන්ම ආණ්ඩුව විසින් වැඩි කිරීමට යන වැට් බද්ද ගැනද සිහිකරමින් පැමිණ සිටි පිරිස කෙටියෙන් ඇමැතුවේය. අනතුරුව තේ මේසය විවෘත කිරීම සදහා ජොන්ස්ටන් විසින් මහින්දට ආරාධනා කළ අතර තේ මේසයේ පහන දැල්වුණේ නාමල්ගේ අතිනි. මහින්ද තේ මේසය විවෘත කරමින් කිරිබත් කෑල්ලක් බෙදාගත් අතර දඩි බිඩි ගාගෙන මහින්දට ලුණු මිරිස් බෙදන්නට දගලමින් සිටි පුද්ගලයෙකු වෙත සැමගේ අවධානය යොමු විය. ඒ අන් කිසිවෙකුත් නොව පසුගිය සමයේ ජනපති මෛත‍්‍රීට කන් කෙදිරි ගා වයඹ පළාත් සභාවේ සභාපති පුටුව ඩැහැගත් ටිකිරි බණ්ඩා අධිකාරිය. මාධ්‍යවේදීන් දොට්ට දැමීමේ අනුහසින් පසුගිය සති කිහිපය පුරා ලුණු ඇඹුල් ඇතිවම පත්තරවල නම ලියවාගත් ටිකිරි බණ්ඩා ලුණු මිරිස් තලියක්ම මහින්දගේ පිගානට අතහැරියේය. ප‍්‍රධාන තේ මේසයට අමතරව පැමිණ සිටි පිරිස වෙනුවෙන් තවත් තේ මේස තුන හතරක්ම නිවසින් පිටත සූදානම් වී තිබිණි. කැවුම් කිරිබතින් සප්පායම්වීමෙන් මහින්දට බුලත් හුරුඵ දී ආචාර සමාචාර දැක්වීමටද අවස්ථාව ලබාදී තිබිණි. ආචාර සමාචාර කිරීම්වලට අමතරව පැමිණි සිටි පිරිස මහින්ද සහ නාමල් සමග ඡායාරූප ගැනීමටත්, ළමුන් ඔවුන්ගේ අතට දී ෆොටෝ ගසන්නටත්වීම නිසා මහින්ද වාඩි වී සිටි තැනින් නැගිටින විට පස්වරු දෙකත් පසු වී තිබිණි. ඒ අතරේ මහින්දගේ ආරක්ෂකයින්ට අයත් වෝකි ටෝකි යන්ත‍්‍රයක් අස්ථානගතවීම හේතුවෙන් උත්සවයේ යම් කලබගෑනියක්ද ඇති වී තිබිණි. මහින්දගේ ආරක්ෂකයින් ඒ මේ අත දුවමින් වෝකි ටෝකි යන්ත‍්‍රය සෙවීම සදහා මහත් උත්සාහයක් ගත් නමුත් එය සාර්ථක වූ බවක් නොපෙණිනි. ඒ නිසාම උත්සවයේ නිවේදන කටයුතු මෙහෙය වූ නිවේදක තැන විසින් අදාළ වෝකි ටෝකි යන්ත‍්‍රය හමු වූ කෙනෙක් සිටී නම් ආපසු භාර දෙන ලෙසටත්, එය ගත් කෙනෙකුට වැඩක් නැති බවටත් නිවේදනය කරන්නට විය. එම නිවේදනයෙන් පසුව හෝ අදාළ වෝකි ටෝකි යන්ත‍්‍රය හමු වූ බවක් අසන්නට නොලැබිණි. ඒ අතරේ පැමිණ සිටි පිරිසට සමුදුන් මහින්ද සහ ජොන්ස්ටන් එකම වාහනයක නැගී එතැනින් පිටවී ගියේ මළගෙදරක යාමට ඇති බව පවසමිනි. ඒ සමගම මන්ත‍්‍රී සනත් නිශාන්ත , විමලවීර දිසානායක සහ සාලින්දත් තම තමන්ගේ වාහනවලට නැගී එතැනින් පිට වී ගියහ.

මන්ත‍්‍රී සනත් නිශාන්ත උඩුකුරුඤ්ඤං ගහයි.

මන්ත‍්‍රී සාලින්ද නිවසට ගොස් වාහනයෙන් බැසීමට සූදානම් වූවා පමණි. ජොන්ස්ටන්ගේ දුරකථනයෙන් ඇමැතුමක් ලැබිණි. ‘‘සනත් නිශාන්ත මන්ත‍්‍රීතුමා යන්තම්පලාවේදි ඇක්සිඩන්ට් වෙලා. ටිකක් බලන්න පුඵවන්ද ? ’’ජොන්ස්ටන් කීවේය. සාලින්ද හැරෙන තැපෑලෙන් සනත් නිශාන්තට දුරකථන ඇමැතුමක් ගත් අතර ඊට අමාරුවෙන් පිළිතුරු දුන් සනත් නිශාන්ත කීවේ තමා ඇතුඵ පිරිස වාහනයක නැගී කුරුණෑගල රෝහල කරා එමින් සිටින බවය. එසැණින් වාහනය හරවා ගත් සාලින්ද කුරුණෑගල රෝහලට ගියේය. සනත් නිශාන්ත, ඔහුගේ බිරිද සහ ආරක්ෂක නිලධාරියාද කඩිනමින් රෝහලට ඇතුලත් කරවූ සාලින්ද ඔවුන්ගේ බඩු බාහිරාදියද තමන් භාරයට ගත්තේය. මන්ත‍්‍රී නිශාන්තගේ බිරිද සහ ආරක්ෂක නිලධාරියා යම් කම්පන තත්වයකට පත් වී සිටි නමුත් සනත් නිශාන්ත පියවි සිහියෙන් සිටියේය. මන්ත‍්‍රීවරයාගේ නාසය තැලීමට ලක්වීම හැර බරපතල තත්වයක් නොවීය.‘‘ මගේ වෙලාව කියන්නේ මන්ත‍්‍රීතුමා ඇක්සිඩන්ට් එක වෙන්න තත්පරයකට කලින් මගේ සපත්තුවේ ලේස් එක ලෙහිලා තියෙනවා දැක්කා. මම ඒක බදින්න පාත් වුණා විතරයි වාහනේ කැරකිලා ගිහින් පෙරලුණා. නැමිලා හිටිය හින්දා තමයි මම මේ තරමින් හරි බේරුණේ. ’’සනත් නිශාන්ත සාලින්දට අනතුර පිළිබදව විස්තර කළේය. සනත් නිශාන්ත ඇතුලු පිරිස යහපත් තත්වයෙන් පසුවන බව වෛද්‍යවරුන් වෙතින් තහවුරු කරගැනීමෙන් පසුව සාලින්ද කෙලින්ම ගියේ අනතුර සිදු වූ යන්තම්පලාව හන්දියටය. සාලින්ද යනවිටත් සනත් නිශාන්තගේ වාහනය මාර්ගය මැද උඩුකුරුව තිබිණි. ‘‘පුදුම බේරිල්ලක්නේ බේරිලා තියෙන්නේ. මේ ඇක්සිඩන්ට් එකේ හැටියට ඔයින් ගියා මදැයි ’’රෝද හතර උඩට සිටින සේ මහ පාර මැද බියකරු අන්දමින් පෙරළී ගොස් තිබූ සනත් නිශාන්තගේ ලෑන්ඞ් කෲසර් රථය දෙස බලමින් සාලින්ද කීවේය.

පොල්ගහවෙල සංවිධායකලාගේ සිගිති ආතල්

පොල්ගහවෙල නායකයින් යැයි කියාගන්නා පිරිස් කෙළිමින් සිටින බහුබූත හේතුවෙන් පොල්ගහවෙල මැතිවරණ කොට්ඨාශය තුළ වාසය කරන්නේ කුරුණෑගල දිස්ත‍්‍රික්කයෙහි ජීවත්වන අවාසනාවන්තම ජන කොට්ඨාශයදැයි දැන් දැන් කසුකුසු නැ‍ගෙන්නට පටන් ගෙන තිබේ. මක්නිසාද යත් පොල්ගහවෙල ආසනය සදහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මෙන්ම එක්සත් ජාතික පක්ෂයෙන්ද පත් කර සිටින ආසන සංවිධායකයින්ගේ ළපටි හැසිරීම් රටේම ජනතාවට වෙත විහඵ සපයන්නට මේ වන විට සමත් වී ඇති බැවිනි. පළාත් සභාවෙන් මාධ්‍යවේදීන් පළවාහැරීමේ ආනිසංසයෙන් මේ වන විට හත් පොළේ ගාගෙන සිටින ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොල්ගහවෙල ආසන සංවිධායක ටිකිරිබණ්ඩා අධිකාරිට නොදෙවෙනි හැසිරීමක් පසුගියදා දැකගත හැකි වූයේ එක්සත් ජාතික පක්ෂයේ පොල්ගහවෙල සම සංවිධායක එච්. එම්. ජයරත්නගෙනි. පසුගිය 11 වැනිදා පැවැති පොල්ගහවෙල ගුවන් පාලමට මුල්ගල් තැබීමේ උත්සවය එහෙම් පිටින්ම අවුල් ජාලයක් බවට පත් කිරීමට එච්. එම්. ජයරත්න විසින් ප‍්‍රසිද්ධියේ සහ අප‍්‍රසිද්ධියේ කළ ක‍්‍රියාකාරකම් රාශියක් හේතු වී තිබිණි. පොල්ගහවෙල ගුවන් පාලම සම්බන්ධයෙන් පොල්ගහවෙල එජාප සම සංවිධායකයින් වන එච්. එම්. ජයරත්න සහ වයඹ පළාත් සභා මන්ත‍්‍රී අජිත් රෝහණ අතර සීතල යුද්ධයක් හටගෙන තිබුණේ අදක ඊයෙක සිට නොවේ. එක්සත් ජාතික පක්ෂ මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයට පවා ඇතුළත් වී තිබූ මෙන්ම රජයේ ප‍්‍රමුඛ සංවර්ධන කාර්යයක් ලෙසටත් නම් කර තිබූ පොල්ගහවෙල ගුවන් පාලම ඉදිකිරීමට පිඹුරුපත් සකස්වීම තුළ අදාළ ගුවන්පාලම පොල්ගහවෙලට ලබාගත්තේ තමන් බවට ඒත්තුගැන්වීමේ සටනක මේ දෙදෙනාම පසුගිය සමයේදී යෙදී සිටියහ. කෙසේවෙතත් අපේ‍්‍රල් මස 11 වැනිදාට පොල්ගහවෙල ගුවන් පාලමට මුල්ගල් තැබීමට දින නියමවන්නේ පවා එවැනි පසුබිමකය. පොල්ගහවෙල ප‍්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිවරුන් වන ක‍්‍රීඩා ඇමැති දයාසිරි සහ වයඹ පළාත් සභා මන්ත‍්‍රී අජිත් රෝහණගේ මෙන්ම ශ‍්‍රීලනිප ආසන සංවිධායක ටිකිරිබණ්ඩා අධිකාරි, එජාප සම සංවිධායක එච්. එම්. ජයරත්න ඇතුලු දේශපාලන අධිකාරියේ සහ ප‍්‍රාදේශීය ලේකම්වරයා ඇතුලු රාජ්‍ය නිලධාරීන්ගේද සහභාගිත්වයෙන් අදාළ මුල්ගල් තැබීමේ උත්සවය පිළිබදව පුඵල් සාකච්ඡාවක් ඉන් සතියකට පමණ පෙරදී පැවැත්විණි. එහිදී අදාළ උත්සවයේ වැඩ කොටස් විවිධ පාර්ශ්ව වෙත බෙදාහැරුණු අතර වේදිකාව ඉදිකිරීම වැනි බරපතල කාර්යයන් ගුවන්පාලමේ ඉදිකිරීම් භාර සමාගම වෙත භාරකෙරිණි. විවිධ පැහැති විවිධ පැහැති ධජවලින් නගරය සැරසිලි කිරීම භාරකෙරුණේ පොල්ගහවෙල ප‍්‍රාදේශීය සභාවටය. කෙසේවෙතත් උත්සවය පැවැති දිනට පෙර දිනය වන විට පොල්ගහවෙල ප‍්‍රාදේශීය සභාව විසින් සිය වගකීම අකුරට ඉටුකර තිබූ අතර වෛවර්ණ ධජ පතාක වලින් පොල්ගහවෙල නගරය අලංකාර වී තිබිණි. එච්. එම්. ජයරත්න සහ අජිත් රෝහණ විසින් තම තමන්ගේ මුහුණත් තහඩු සහිතව නගරය පුරා කටවුට් එල්ලා තිබූ නමුත් ප‍්‍රශ්නය ආරම්භවන්නේ එච්. එම්. ජයරත්නගේ මෙහෙයවීමෙන් උත්සව භූමිය ආසන්නයේ පෙර දින රාත‍්‍රියේදී සිදු වූ බව කියන කොළ කොඩි එල්ලීමකිනි. ජයරත්නගේ කොළ කොඩි සහ රැළිවලින් එතෙක් ප‍්‍රාදේශිය සභාව විසින් උත්සවයට ලබා දී වෛවර්ණ කොඩි සහිත සමබර පෙනුම වෙනස් වී ගොස් තිබිණි. පසුවදා උදෑසන උත්සවයට පැමිණි ඇමැති දයාසිරිට උත්සව භූමියේ කොළ කොඩි එල්ලා තිබීම ඇල්ලුවේ නැත. අන්තිමේදී දයාසිරි කළේ පසුදින පුවත්පත්වලට කදිම ප‍්‍රවෘත්තියක් නිර්මාණය කරමින් උත්සවයට සහභාගි නොවී ආපසු හැරීයාමය. මන්ත‍්‍රී අජිත් රෝහණ දයාසිරි නවතාගැනීම සදහා සෑහෙන ප‍්‍රයත්නයක් දැරූ මුත් එය වතුරේ යවමින් දයාසිරි වාහනයට නැගගත් දයාසිරි ආපසු ගියේය. ඉන් ටික වේලාවකට පසුව ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ලගේ පැමිණීමත් සමග උත්සවය ආරම්භ විය. ආරාධිත අමුත්තන් පිළිගැනීමේදී මල් මාලා දෙකක් පමණක් අමුත්තන්ගේ කරවල් වලට වැටී තිබිණි. එකක් ඇමැති කිරිඇල්ලගේ ගෙලටය. අනික එච්. එම්. ජයරත්නගේ කරටය. ප‍්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ ඇතුලු රජයේ වගකිවයුතු තනතුරු දරණ කිහිපදෙනෙකුම එතැන රුදී සිටි නමුත් ඒ කාටවත් නොවැටුණු මල්මාලා දැනට ප‍්‍රාදේශීය සභාවකවත් තනතුරක් නොදරන එච්. එම්. ජයරත්නටගේ කරට වැටී තිබීම කාගෙත් අවධානය යොමු වූ සිදුවීමක් විය. මුල්ගල් තැබීමේ පුවරුව විවෘත කරන අවස්ථාවේදීත් ඇමැති කිරිඇල්ල සමග නූල අල්ලාගැනීම පිණිස එච්. එම්. ජයරත්න සහ අජිත් රෝහණ තරගයක යෙදී සිටින ආකාරයක්ද පෙණනි.

‘පැමිණීම හොදයි. හැසිරීම බින්දුවයි. ’’අජිත් රෝහණගෙන් ප‍්‍රගති වාර්තාවක් !

පසුව උත්සව සභාව ආරම්භ වූ අතර අජිත් රෝහණ සභාව අමතා සිය කතාව අවසන් කරන්නට සැරසුණු අවස්ථාවේදී උත්සවය තව තවත් අවලස්සන කරමින් හූ හඩක් නැග ආවේය. කතාව අවසන් කර අසුන්ගැනීම සදහා සිය ආසනය වෙත ගිය අජිත් රෝහණට ජනතාව අතරින් එකවර නැගුණු හූව හේතුවෙන් යකා නැග තිබිණි. අජිත් රෝහණ යළිත් මයික්‍රෝෆෝනය වෙත ආවේය. ‘‘පොල්ගහවෙල කියන්නේ වැදගත් මිනිස්සු හිටපු ආසනයක්. එහෙම වැදගත් මිනිස්සු අතරට නරි ටිකක් ඇවිත් ඉන්න බව පේනවා. ඊයේ රෑත් මෙතැනට නරි ටිකක් ඇවිත් නාඩගම් නටපු බව මම දන්නවා. කරුණාකරලා පොල්ගහවෙලට නරි බෝ කරන්න ලෑස්ති වෙන්න එපා. ඔයාලගේ පැමිණීම හොදයි. හැබැයි හැසිරීම නම් බින්දුවයි. ’’යැයි කියමින් හූ කී පිරිසට ප‍්‍රගති වාර්තාවක් ලියූ අජිත් රෝහණ ආපසු සිය අසුන වෙත ගොස් වාඩි විය. තෝරු මෝරු හැප්පෙද්දී තැලෙන්නේ හැල්මැස්සෝ යැයි කීවාක් මෙන් එච්. එම්. ජයරත්න සහ අජිත් රෝහණ අතර මේ හුටපටය හේතුවෙන් ශබ්ද විකාශණ යන්ත‍්‍ර කුලියට සපයා ජීවිකාව ගැටලගහගන්නා ව්‍යාපාරිකයෙකුටද පාඩු විදින්නට සිදු විය. අජිත් රෝහණගේ ඇරැයුම පරිදි අදාළ ව්‍යාපාරිකයා එදින උදෑසන සිය ශබ්ද විකාශණ යන්ත‍්‍රද රැගෙන පොල්ගහවෙලට ආවේ මුල්ගල් තැබීමේ උත්සවයට සිය සේවය සැපයීම සදහාය. උත්සව භූමියට පැමිණි එම ව්‍යාපාරිකයාට දවල් තරු පෙණුනේ ඒ වන විට වෙනත් ශබ්ද විකාශණ යන්ත‍්‍ර සැපයුම්කරුවෙකු විසින් ඔහුගේ උපකරණ උත්සව භූමියෙහි ස්ථානගත කර තිබීම හේතුවෙනි. කෙසේවෙතත් එම පුද්ලගයා කියා ඇත්තේ එච්. එම්. ජයරත්නගේ උපදෙස් පිට තමන් පාන්දර හතරට පැමිණ ශබ්ද විකාශන යන්ත‍්‍ර සවි කළ බවකි. පොල්ගහවෙල ගුවන් පාලමට මුල්ගල් තැබීමේ උත්සවය එවැනි වූ කඵ පැල්ලම් ගණනාවක් සහිතව අවසන් වූ නමුත් ‘අඵ යට ගිනි’තවමත් දැල්වෙමින් ඇති බව පෙන්වමින් මන්ත‍්‍රී අජිත් රෝහණ විසින් සවිකර තිබූ කටවුට් කිහිපයක්ම පසුගිය දින කිහිපයේදී විනාශ වී ගොස් තිබිණි.

උපුටාගැනීම – මව්බිම පුවත්පත – 2016 අපේ‍්‍රල් 21 වැනි බ‍්‍රහස්පතින්දා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article