Sunday, November 24, 2024

ජාතික මහා ක්‍රීඩා උළෙල මඟහැරි ක්‍රීඩකයින්ට වැඩ වරදී

Must read

sports-meet-696x464(7.19m) මේ වන විට පැවැත්වෙන 45 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල සඳහා නාම යෝජනා ලබා දී ඒ සඳහා සහභාගී නොවූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට වසර දෙකක තරග තහනමක් පනවන බවට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ධම්මික මුතුගල මහතා පවසයි.

ජාතික මහා ක්‍රීඩා උළෙලේ අවසන් වටයේ තරග ඊයේ (25) බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ අතර එය හෙට දිනය දක්වා එම ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනු ඇත. කෙසේ නමුත් මෙවර තරගාවලිය සඳහා ජාතික තලයේ ප්‍රමුඛ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී නොවීම කාගේත් අවධානය දිනා ගත් සිදුවීමක් විය.

මේ අතරට මේ වන විට චීනයේ පැවැත්වෙන ලෝක ආරක්ෂක සේවා මලල ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක්, මෙම තරගාවලියේ දී ආබාධ ඇතිවීමට ඇති ඉඩකඩ හේතුවෙන් මේ සඳහා සහභාගී නොවූ, එළඹෙන දෙසැම්බර් මස 01 වැනි දින ආරම්භ වන දකුණු ආසියානු උළෙලට සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහ වෙනත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක්ම ඇතුළත් වේ.

මෙම තත්වය පිළිබඳව TV 1 නාලිකාව සමඟින් අදහස් දක්වමින් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ධම්මික මුතුගල මහතා ප්‍රකාශ කර සිටියේ මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙල සඳහා නාම යෝජනා ලබා දී තරගාවලිය සඳහා සහභාගී නොවූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට වසර 2ක තරග තහනමක් පැනවීමට ඔවුන් ක්‍රියාමාර්ග ගන්නා බවයි.

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article