Saturday, November 23, 2024

ජන ජිවිතය යථා තත්ත්වයට පත්කිරීමට යෝජනා කළ විධි විධාන සාර්ථකද ?

Must read

01 (2)
හලාවත පුද්ගලික බස්නැවතුම්පොල මැයි 11 වනදා  – ඡායාරෑපය – ජූඩ් සමන්ත

පසුගිය 11 වනදා පුත්තලම , කලුතර ඇතුලු සෙසු දිස්ත්‍රික්ක වල පැවති ඇඳිරි නීතිය ඉවත් කරන ලදී. ඒ අතර  ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්ක වල ඇදිරි නීතිය දිගටම ක්‍රියාත්මකව පවතින අතර රජය විසින් පැනවූ හැදුනුම්පතේ රෙගුලාසි අනුව  අත්‍යඅවශ්‍ය සේවා සදහා ජනතාවට පිටතට යෑමට අවසර ලැබුනි. මේ වනවිට දින දෙකක් ගතව ගොස් තිබේ. හලාවත නගරයේ මේ වනතෙක් පුද්ගලික බස්සේවාව ආරම්භ වී නොමැති අතර ජංගම බස් රථ වලද  ඉතා සිමිත ජනතාවක් ගමන් කරන බව පෙනේ. ජනතාව නැති නගරවලට පුද්ගලික බස් දිවීම පාඩුවිය හැකි නිසා පුද්ගලික බස්රථ හිමියන් තවමත් පාරට බස් යොදවා නැති බව පෙනේ.
පසුගිය 11 වනදා ඇඳිරි නීතිය ඉවත්කළ  පුත්තලම නගරයේ  වෙළදාම් කරමින් සිටි  මාළු වෙළදසැලේ සහ එළවලු වෙළද සැලේ වෙළෙන්දන් ඉවත්කිරීමට පොලීසිය කටයුතු කරන ලදී.  මෙයට හේතුව ලෙස පොලීසිය දක්වා තිබුණේ අවශ්‍ය සමාජ දුරස්ථභාරවය තබා නොගැනිම  සහ විශාල ජනතාවක් එකම ස්ථානයක ගැවසීමයි.
මාස දෙකකට ආසන්න කාලයක්  නිවෙස් වල සිරවී සිටි ජනයා සිය අත්‍යඅවශ්‍යතා සදහා  එකවර නගරයට පැමිණෙන බවක් බොහෝ නගර වල දක්නට ලැබේ. එහිදී  හැදුනුම්පත් අංක පිළිවෙල සෑම තැනකම ක්‍රියාත්මක වන බවක් නොපෙනේ.
සාමාන්‍ය ජනජිවිතය මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ අඩපනව තිබූ ජනතාව  රජයේ රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට තරම් විණයගරුක බවක් තිබිය හැකිද යන  ගැටළුවද පවතින අතර ,  මින් වැඩියෙන්ම   අර්බුදයට ගොස් ඇති ජනකොට්ඨාශය වන්නේ  අත්‍යඅවශ්‍ය පාරිභෝජනය අළෙවි කළ වෙළදුන්ය. වීදියට පැමිණ එළවලු පළතරු ,  මාලු අළෙවිකළ පුද්ගලයන්ය.
මේ අතර අද  බලයලත් මත්පැන් අළෙවිසැල් විවෘත කිරීමට රජය තීරණය කළ අතර ඒවාට ජනතාව පෝලිම් ගැසී සිටි  අයුරු දැකගත හැකිවිය.  පුත්තලමේ මාලු වෙළදපොලේ වෙළෙඳුන් ඉවත්කළ ආකාරයට බාර් වැසීමටවත්, මත්පැන් පාරිභෝගිකයන් ඉවත්කිරීමටවත්  පොලීසිය කටයුතු කලේ නැත.  ජනජීවිතය යථා තත්ත්වයට පත්කිරීමට රජය කටයුතු කිරීම හොද වුවුත් ඒ අතර සෞඛ්‍ය විධි විධාන රැකිය යුත්තේ ජනතාව පමණද යන්න මෙම බාර් විවෘත කිරීම හා බැදෙන ජනයා එක්රැස්කිරීමේ කාරණා හරහා මතුවන ගැටලුවයි. එහිදී රජයටද වගකීමක් ඇත.
මේ සියල්ල මෙසේ වන කළ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා රට පුරා බලාත්මක කර ඇති නිරෝධායන නීති උල්ලංගනය කරන්නන් හඳුනා ගැනීම සඳහා රහස් පොලිස් නිලධාරීන් සහ සීසීටීවී කැමරා භාවිතා කරන බවට ප්‍රකාශ කර තිබේ. ඒ සදහා සීසීටීවී කැමරා 100 කට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මක වන අතර ඒවා නියාමනය පිළිපැදීමට අපොහොසත් වන ඕනෑම අයෙකු හඳුනා ගැනීමට භාවිතා කරන බවයි. මෙය කෙසේ ක්‍රියාත්මක විය හැකිද යන්න පිළිබඳව නම් යම් කුතුහලයක් ඇති වන අතර කෙසේ දුගී දුප්පත් , අසරණ ජනතාව මෙයින් තවත් අපහසුතාවයට පත්විය හැකිබව නම් කිව හැක.

DSC085901-300x169
පුත්තලම නගරය මැයි 11 වනදා ඡායාරූපය – හිරාන් ප්‍රියංකර

DSC08527-300x169

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article