Saturday, November 23, 2024

ජනපති ඇමැති සමයේ, තැබූ මුල්ගලක් පැළ වේ !

Must read

සෑම ගංවතුර කාලයකදීම තම ඉඩකඩම් මා ඔය විසින් ගිලගන්නා අයුරු බලමින් හූල්ලන්නට සිදු වී ඇති ගම්මුන් පිරිසක් මා ඔය මුහුදට ගලා බසින සීමාවේ තිබෙන ගම්මානයක් වන වෙන්නප්පුව, සින්දාත්‍රිය ගම්මානයේදී අපට මුණගැසිණි.

තම ඉඩකඩම් මා ඔයට බිලිවීමේ අවාසනාවන්ත ඉරණමට මුහුණ දී සිටින සින්දාත්‍රිය ගම්මුන් ඉන් පීඩා විදිමින් සිටින්නේ වසර 20 ක පමණ කාලයක සිටය.

1996 වසරේදී එවකට වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයාව සිටි වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අතින් මුල්ගල තබා සින්දාත්‍රිය ගම්මානය මා ඔයට බිලිවිම වැලැක්වීමේ ව්‍යාපෘතියකට මුලපිරුණු නමුත් එම ව්‍යාපෘතිය අසාර්ථකවීම නිසා මෙම තත්වය ඇති වි තිබෙන බව ගම්වාසිහු පවසති. සින්දාත්‍රිය ගමට අයත්ව පැවැති ඉඩම් අක්කර ගණනාවක් මේ වනවිට ගමට අහිමි වී ඇති බවත්, දිනෙන් දින මෙම තත්වය වර්ධනයවීම නිසා තමන්ට උන්හිටි තැන් පවා අහිමිවන ලකුණු පහළ වී ඇත් බවද ගම්වාසීහු කියති.

සින්දාත්‍රිය ගම්වාසියෙකු වන අජිත් ප්‍රනාන්දු මහතා මෙසේ පැවසීය.

“අපේ ගමට වෙන මේ විනාශය පිළිබඳව අපි වසර ගණනාවක්ම බලධාරින්ට කියමින් ඉන්නවා. නමුත් තවමත් ස්ථීර විසඳුමක් නෑ. මේ හින්දා දවසින් දවසම අපේ දේපළ සහ ඉඩකඩම් ටික අපිට අහිමිවෙමින් තියෙනවා. වත්මන් ජනාධිපතිතුමා වාරිමාර්ග ඇමතිවරයා වෙලා හිටපු කාලයේදී මෙතැනට ඇවිත් මුල්ගලක් තියලා මේකේ වැඩ පටන් ගත්තා . නමුත් ඒක සාර්ථක වුනේ නෑ. මෙතන මා ඔයේ හැරවුමක් තියෙන්නේ. හැම ගංවතුර කාලයකදීම අපේ ගමේ ඉඩම් මා ඔයට බිලිවෙනවා. අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා ඔබතුමාගේ සුරතින් පටන් ගත්තු මේ ව්‍යාපෘතිය නැවත අරම්භ කරලා අපේ ගම්බිම් බේරලා දෙන්න කියලා.“

සින්දාත්‍රිය ගමේ පදිංචිකාරිනියක වන එල්සි පීරිස් මහත්මිය මෙසේ කීවාය.

“අපේ ගෙවල්වල රෑට සැනසීමෙන් නිදාගන්න නෑ. අද දවසට විතරක් අපේ ඉඩමෙන් අඩි 20 ක් විතර ගඟට බිලි වුනා . කොයි වෙලාවේ අපේ ගෙවල් ගඟට ගහගෙන යයිද කියන්න බෑ. ඒ නිසා අපේ දරුවෝ ගැන හිතලවත් අපේ ගම මුහුණ දෙන මේ ගැටළුවට විසඳුමක් ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. වෙන්නප්පුව ආසනයේ ඉන්න පක්ෂ විපක්ෂ දේශපාලකයෝ අවුරුදු 20 ක් තිස්සේ ඇවිත් මේක බලලා ගියා මිසක් ඒ කිසිම කෙනෙකුට බැරුව ගියා අපේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න. “යැයි පැවසීය.

බලධාරින්ගේ ඉක්මන් අවධානයට යොමු වී තමන් මුහුණ දී සිටින ව්‍යාසනයෙන් ගැලවිය හැකි විසඳුමක් ලැබෙන තෙක් සින්දාත්‍රිය ගම්වාසීහු බලාසිටිති.

නයිනමඩම චන්දන ප්‍රනාන්දු 

sindrahtiya_4 sindrahtiya_1 sindrahtiya_3 sindrahtiya_2

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article