Saturday, September 21, 2024

ජනපතිගෙන් කෝටි 120 ක් ගත් මන්ත්‍රිලා අතරේ වයඹේ අයත් ?

Must read

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 19 දෙනෙකුට රුපියල් කෝටි 120ක් විමධ්‍යගත යෝජනා හරහා සංවර්ධන කටයුතු සඳහා මේ වන විට ලබාදී ඇතැයි ‘ඉරිදා මව්බිම’ අනාවරණය කරගෙන ඇතැයි වාර්තා වි තිබේ

එම මන්ත්‍රීවරුන් වන්නේ කවින්ද හේෂාන් ජයවර්ධන, අජිත් මාන්නප්පෙරුම, දිලිප් වෙදආරච්චි, ෆයිසාල් කාසිම්, ගයන්ත කරුණාතිලක, එච්. එම්. එම්. හරිස්, හර්ෂ ද සිල්වා, හෙක්ටර් අප්පුහාමි, ඉෂාක් රහුමාන්, ජේ. සී. අලවතුවල, සුජිත් සංජය පෙරේරා, කින්ස් නෙල්සන්, පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න, රෝහිණී කුමාරි විජේරත්න, සෙයිඩ් අලි සහීර් මවුලානා, වේලු කුමාර්, ඩබ්ලිව්. එච්. එම්. ධර්මසේන සහ රිෂාඩ් බදියුදීන් ය බව එම පුවතේ වැඩිදුරටත් සදහන්ය

2024 විමධ්‍යගත අයවැය වැඩසටහනින් ප්‍රාදේශීය සංවර්ධන ව්‍යාපෘති කිරීම සඳහා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව මඟින් ඉදිරිපත් කර ඇති යෝජනාවලට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ජනාධිපතිවරයා වෙත ඍජුව ම ඉදිරිපත් කර ඇති සංවර්ධන ව්‍යාපෘති යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රතිපාදන නිදහස් කරන ලෙස ඒ අනුව ජනාධිපතිවරයා උපදෙස් දී ඇත

මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් විමධ්‍යගත අය වැය වැඩසටහන 2024 සම්බන්ධව නිකුත් කර ඇති අංක MF/02/2023 හා 2023.12.29 දිනැති මුදල් චක්‍රලේඛය ඇතුළත් විධිවිධානයන් මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී අදාළ කර ගත යුතු බව ජනාධිපති ලේකම් විසින් අදාළ මන්ත්‍රීවරුන් දැනුවත් කර ඇත.

මෙම පිරිසේ සිටින ඇතැම් වයඹ මන්ත්‍රිලා දැඩි රනිල් විරෝධින් ලෙසින් සජිත් ප්‍රේමසදාට ඉතා සමිපව කටයුතු කළ අයවෙති.වික්‍රමසිංහට එරෙහිව සජිත් වෙනුවෙන් පෝස්ටර් ගැසිමේ වැඩක් පුත්තලම් දිස්ත්‍රික්කයේ දියත් කළ අයෙකුද මේ අතර වන බව පුත්තලමේ දේශපාලන කව කතාබහ වෙමින් තිබේ

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article