ජුනි 5 වෙනිදාට යෙදෙන ජගත් පරිසර දිනය වෙනුවෙන් ලංකාවේ බොහෝ පළාත්වල විවිධ ක්‍රියාකාරම් සංවිධානය කෙරි තිබුණි.
විවධ ක්ෂේත්‍ර නියෝජනය කළ කණ්ඩායම් රැසක් මේ කටයුතු වලදි මුලිකත්වය ගෙන තිබුණි,
මේ අතර දෙස් විදෙස් සංචාරක ප්‍රජාව නිතර ගැවසෙන කල්පිටිය, කන්දකුලිය, ඊච්චාන්කාඩුව වෙරළ තීරය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය පසුගියදා දවස පුරා එම මුහුදු තීරයේ දී සිදු කරන ලදී. කල්පිටිය ප්‍රාදේශීය සභාව, කල්පිටිය පොලිසිය, විජය නාවුක නෞකා ආයතනය, සංචාරක හෝටල් හිමියන්ගේ සංගමය සහ සංචාරක බෝට්ටු හිමියන්ගේ සංගමය එක්ව මෙම අවස්ථා සංවිධානය කොට තිබිණු බව දිණමිණ වෙබ් අඩවිය වාර්තා කර තිබේ.
ප්ලාස්ටික් අපද්‍රව්‍ය පොලිතින් ඇතුළු නොදිරන පරිසරයට හානිකර අපද්‍රව්‍ය රැසක් මෙහිදී පරිසරයෙන් විධිමත්ව ඉවත් කිරීමට හැකි වු බව එම පුවතේ වැඩිදුරටත් සදහන්ය