Saturday, November 23, 2024

චීන ජාතිකයෙකුගෙන් ලක්ෂ 05ක් මංකොල්ල කාලා

Must read

thief(11.49am) චීන ජාතිකයෙකුටඅයත් රුපියල් ලක්ෂ 05 ක මුදලක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කර ඇති බව කරුවලගස්වැව පොලීසියෙන් වාර්තා වේ. කරුවලගස්වැව ප්‍රදේශයේ ඉඩමක් පවත්වා ගෙන යන ලී ජයාන් නම් චීන ජාතිකයා විසින් පොලීසියට කරන ලද පැමිණිල්ලක් අනුව මෙම විමර්ශණය ආරම්භ කර ඇත. තමන් පසුගිය 19 වැනිදා සීදුව ප්‍රදේශයේ පිහිටි රජයේ බැංකුවකින් රුපියල් ලක්ෂ 05 ක මුදලක් ලබා ගත් බවත්,එම මුදල කරුවලගස්වැව පිහිටි තමන් විසින් පවත්වාගෙන යන ගොවිපලේ ගොඩනැගිල්ලක කාමරයක තැබූ බවද පැමිණිළිකරු පොලීසිය හමුවේ පවසා ඇත.23 වැනිදා දහවල් එම මුදල සම්බන්ධයෙන් සොයා බැළු විට අනාවරණය වී ඇත්තේ මුදල් කිසියම් අයෙකු විසින් සොරකම් කර ඇති බව යැයිදා පැමිණිළිකරු පොලීසිය හමුවේ පවසා ඇත.

මුදල් සොරකම් කළේ කව්රුන්ද යන්න අනාවරණය වී නොමැති බව පොලීසිය කියයි. කරුවලගස්වැව පොලීසිය වැඩි දුර විමර්ශණ කටයුතු කරගෙන යයි.


 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article