රිදීගම ප්රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත්, කරදගොල්ල සිට ගෝණදෙණිය දක්වා දිවෙන මාර්ගය දැඩි ලෙස අබලන් වී තිබීම හේතුවෙන් ප්රදේශවාසී ජනතාව දැඩි අපහසුතාවයට පත්වී සිටිති.
දැනට වසර 30 කට පමණ පෙර ඉදි වී ඇති මෙම මාර්ගය ඉන් අනතුරුව කිසිදිනෙක ප්රතිසංස්කරණයටකට ලක්නොවීම හේතුවෙන් අද වන විට එම මාර්ගයේ අද ඉතිරිව ඇත්තේ ගැලවී ගිය ගල් කැබැලි සහ ජලය පිරී ගිය සුවිසල් වළවල් පමණි. මෙම මාර්ගය ප්රතිසංස්කරණය කරදෙන බව පවසමින් මැතිවරණ කාලවලදී බෝඩ් ලෑලි සවිකෙරෙන නමුත් මැතිවරණ අවසන්වීමෙන් පසුව බෝඩ්ලෑලි වලටත් සිදු වූ දෙයක් නොමැතිවන බවද ප්රදේශවාසී ජනතාව කියති.
ජනතාව මුහුණදෙන එම මාර්ග අපහසුතාවය පිළිබදව වයඹ ටුඩේ කණ්ඩායම විසින් කරන අනාවරණයක් පහත දැක්වෙයි.