Saturday, September 21, 2024

ගිණි කෙලි නිපදවන නිවසක මේසන් වැඩ කරන්නට ගිය පුද්ගලයන් දෙදෙනෙකු අකාලයේ මරුට

Must read

බන්ඩිරිප්පුව – ගාලවත්ත ප්‍රෙද්ශයේදී දැනට සතියකට ඉහතදී රතිඤ්ඤා සහ ගිණිකෙලි නිශ්පාදනය කරන නිවසක් අනතුරකින් ගිණිගන්නා ලදි. මෙම අනතුරෙන් එම නිවසේ යම් පිළිසකර කිරීමක් සදා ගොස් සිටි එම ප්‍රෙද්ශයේම මේසන් රස්සාවේ යෙදී සිටි පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබේ. මෙම සිදුවීමට මුල්වී ඇත්තේ මෙම පේදරේරුවන් දෙදෙනා මෙම නිවසේ මේසන් වැඩ කිරීම සදහා ගොස් වැඩ කරමින් සිටින අතර තුරදී අවශ්‍යතාවයක් මත කම්බියක් කැපීමක් සිදුකරන්නට යාමේදී බව වාර්තාවේ. මෙම නිවසේ ගිණිකෙලි සහ ගිණිකෙලි අමුද්‍රව්‍ය තිබෙන බව මෙම මියගිය පුද්ගලයන් දෙදෙනා දැන සිට නැති අතර කම්බි කැපීමේදී ගිණි පොකුරක් විසිවීමෙන් හෝ ගිණියම් තත්ත්වයක් ඇතිවීමෙන් නිවසේ තිබී ඇති ගිනිකෙලි පුපුරා මුළු නිවසම ගිණිබත්වී ඇත.තුවාල ලැබූ මේසන් බාස් සහ ගෝලයා අසාධ්‍ය තත්ත්වයෙන් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. මෙසේ මියගොස් ඇති මේසන් බාස් සහ ගෝලයා ජීවත්වී ඇත්තේ එකම ගමේ අසල්වාසීන් ලෙස බවද වාර්තා වේ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article