Sunday, January 19, 2025

ගබඩාවක් බිද ලක්ෂ 23 ක රෝලර් ඩෝ අමතර කොටස් ඉස්සූ දෙදෙනෙක් අල්ලයි.

Must read

roll a door 3

වැහැර, දර්ශණ ඉංජිනියරින්ස් ආයතනයට අයත් හෙරලියාවල කර්මාන්තපුරයේ පිහිටි ගබඩාවක් බිද එහි තිබූ රුපියල් ලක්ෂ 23 ක් පමණ වටිනා , අකුලන දොරවල් (රෝලර් ඩෝ)  නිෂ්පාදන නිෂ්පාදන අමතර කොටස් සහ අමුද්‍රව්‍ය තොගයක් සොරකම් කළ බව කියන පුද්ගලයින් දෙදෙනකු කුරුණෑගල මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසින් පසුගියදා අත්අඩංගුවට ගනු ලැබීය.

මෙලෙස අත්අඩංගුවට ගැණුනේ කුඹුක්වැව, තිහව ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙකු සහ කුරුණෑගල, ලේක්සයිඩ්වත්තේ පදිංචි 35 හැවිරිදි එක්දරු පියෙකි. මොවුන් විසින් පසුගිය මාර්තු 23 වැනිදා රාත්‍රියේ අදාල ගබඩාවේ ඉබියතුරු කඩා ඇතුලු වී, එහි ගබඩා කර තිබූ අකුලන දොරවල් නිෂ්පාදනය කිරීමට යොදාගන්නා අමුද්‍රව්‍ය සොරාගෙන ගොස් ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. කලකට පෙර මෙම අකුලන දොරවල් නිෂ්පාදන ආයතනයේ සේවය කර ඇති සැකකරුවන් මේ වනවිට එහි සේවයෙන් ඉවත්වී යෝගට් බෙදාහැරීමේ ව්‍යාපාරයක යෙදී සිටින බවත් පොලිසිය කියයි. සොරකම් කළ අමතර කොටස් සහ අමුද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට යොදාගත් බව කියන ලොරි රථයක්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, එම ලොරි රථය සැකකරුවන් විසින් යෝගට් බෙදාහැරීමේ ව්‍යාපාරයට යොදාගන්නා ලොරි රථයක් බවද අනාවරණය වී තිබේ.  පසුගිය කාලයේදී අකුලන දොරවල් නිෂ්පාදනයට යොදාගන්නා අමුද්‍රව්‍යවල හිගයක් මෙරට පැවැති බවත්, අදාල ගබඩාව තුළ එවැනි හිග අමුද්‍රව්‍ය ගබඩා කර ඇති බවට සැකකරුවන්ට ලැබුණු තොරතුරකින් පසුව ඔවුන් විසින් ඒවා සොරාගෙන ඇති බවද පොලිසිය කියයි.

කුරුණෑගල මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මංගල වික්‍රමනායක මහතාගේ උපදෙස් මත,  අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී. එම්. සී. දිසානායක මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකෙරේ.

අත්අඩංගුවට ගත් අමුද්‍රව්‍ය තොගයෙන් කොටසක් සහ  අත්අඩංගුවට ගත් ලොරි රථය පහත දැක්වෙයි.

roll _a_ door_1

roll _a_ door_2

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article