Saturday, January 18, 2025

ගංවතුරට යට නොවී – හැදෙන වැඩෙන වී !

Must read

දිනෙන් දින වෙනස් වන කාලගුණික හා දේශගුණික බලපෑම් වලට අනුකූල වෙමින් කෘෂිකර්මාන්තය නව මාවතකට යොමු කරවීමේ අරමුණින් වී වගාව පිළිබඳ නව තාක්‍ෂණික ප‍්‍රදර්ශණයක් සහ ක්‍ෂේත‍්‍ර දැක්මක් පසුගිය 22,23,24 දිනයන්හිදී ඉබ්බාගමුව බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ දී පැවැත්විනි.
”ස්වයං පෝෂණයෙන් ඔබ්බට සහල් ” යන තේමාවෙන් පැවැත් වූ මෙම ප‍්‍රදර්ශණය අනාගත කාලගුණික හා දේශගුණික විපර්යාසයන්ට අනුව ශ‍්‍රී ලංකාවට වඩාත් හොඳින් ගැලපෙන නව වී වර්ග හා සහල් වලින් නිෂ්පාදනය කළ හැකි විවිධ ආහාර වර්ග පිළිබඳව අවබෝධයක් ජනතාවට ලබාදීම එම ප‍්‍රදර්ශණයෙහි අරමුණ වී තිබිණි.
නියඟය , ගංවතුර වැනි ආපදා තත්වයන්වලට හොදින් ඔරොත්තු දෙන වී වර්ග මෙන්ම කෘමි උවදුරු , පළිබෝධ රෝග වලට ඔරොත්තු දෙන වී වර්ග කිහිපයක්ද මෙහිදී ගොවි ජනතාව වෙත හඳුන්වා දෙනු ලැබීය.
සහල් ආශ‍්‍රිතව නිශ්පාදනය කල හැකි දේශීය හා විදේශීය ආහාර වර්ග පිළිබඳව ද මෙහිදී ප‍්‍රායෝගික දැනුමක් ලබා දෙන ලදි. සහල් හා සහල් පිටියෙන් නිපදවන කේක් , බිස්කට් , පාන් , බනිස් , කොත්තු, නූඞ්ල්ස් , ෆ‍්‍රයිඞ් රයිස් , රොටී , ළදරු ආහාර , සුප් වර්ග ආදි ආහාර වර්ග ඒ මොහොතේම පිස නරඹන් හට රස වීඳීමට ලබා දීම සිදුකල අතර එය මෙම ප‍්‍රදර්ශණය නැරඹූ පාසල් සිසුන් මෙන්ම වැඩිහිටියන් හට නැවුම් අත්දැකීමක් විය.
මෙම අවස්ථාවේ ප‍්‍රදර්ශණය පිළිබඳව අදහස් ඉබ්බාගමුව බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ අධ්‍යක්‍ෂිකා ආචාර්ය අමිතා බෙන්තොට මහත්මිය පැවසූයේ කෘෂිකර්මාන්තය පිළිබඳ අනාගත දැක්මක් යටතේ මෙම ප‍්‍රදර්ශණය සංවිධානය කල බවයි. අනාගතයේ ඇති වන අඩු වැසි තත්ව , කෘමි උවදුරු හා රෝග පලිබෝධ මෙන්ම පොළවෙහි අති වන අධික ලවණ තත්වයන්ට ගැලපෙන නව වී වර්ග සොයා ගැනීමෙන් ලද පර්යේෂණ දැනුම ගොවි මහතුන් මෙන්ම සමාජයේ සියළු දෙනා අතර බෙදා හැරීම මෙම ප‍්‍රදර්ශණයෙන් බලාපොරොත්තු වන බවද ඒ මහත්මිය කීවාය.
එමෙන්ම කෘත‍්‍රිම පොහොර හා කෘමි නාශක හැකිතාක් අඩුවෙන් භාවිතා කොට ලබාගන්නා සහල් ආශ‍්‍රයෙන් වත්මන් සමාජයේ බහුලව පවතින දියවැඩියාව , කොලොස්ටරෝල් වැනි රෝගයන්ට ඔරොත්තු දෙන ගුණාත්මක බවින් වැඩි ආහාර වර්ග ජනතාව අතර ප‍්‍රචලිත කිරීම මෙම ප‍්‍රදර්ශණයෙන් තමා බලාපොරොත්තු වන බව ද අධ්‍යක්‍ෂවරිය වැඩි දුරටත් කීවාය.
p 10 p 7 p 6 p 5 p  9 p 4 p 3 p 2 p 1
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article