Sunday, January 19, 2025

කෝටි ගණන් වැය කර හැදූ කාපට් පාරවල් දැව – බොරඵ ඇදිල්ලෙන් විනාශයි.

Must read

Warwick, RI, April 16, 2010 Ð- Road damage near the  Warwick mall shopping center.  Photo: Michael Rieger/FEMA

සුවිසල් වියදමක් දරමින් මෑතකදී කාපට් අතුරා නවීකරණය කළ මාර්ග රිදීගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පිහිටි මාර්ග ගණනාවක් දැව කදන් සහ බොරඵ ප‍්‍රවාහනයට යොදාගැනීම නිසා අබලන් වී ඇති බවට වයඹ පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ කාර්මික නිලධාරි ආර්. එම්. එස්. ජේ. රත්නායක මහතා අනාවරණය කළේය.

ඒ මහතා මේ බව අනාවරණය කළේ පසුගියදා (19 දා ) පැවැති රිදීගම ප‍්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමට සහභාගිවෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා මෙසේද පැවසීය.

‘‘රිදීගම ප‍්‍රාදේශීය කොට්ඨාශය තුළ තියෙන විශේෂිත ගැටලුවක් තමයි අපේ මාර්ග යොදාගෙන දැව කදන් ප‍්‍රවාහනය කිරීම. විශේෂයෙන්ම ටෙන්වීල් වර්ගයේ වාහන යොදාගෙන උඩහොරොම්බුව, දෙල්විට වැනි ප‍්‍රදේශවල ඉදලා දැව කදන් ප‍්‍රවාහනය කෙරනවා. ටෙන්වීල් වාහනයකට දැව පටවපුවාම ඒක ටොන් තිහක් හතලිහක් විතර බර වෙනවා. අපේ කාපට් මාර්ගවල දැන්වීම් පුවරු පවා සවිකරලා තියෙනවා ටොන් දහයට වඩා බර වාහන ගමන් කිරීම තහනම් කියලා. නමුත් ඒ බව නොසලකා මේ බරවාහන ධාවනය කරවීම නිසා ඉතා මෑතකදී නවීකරණය කරපු කාපට් මාර්ග පවා මේ වන විට අබලන්වෙලා තියෙනවා. ඒ වගේම මේ පාරවල්වල බොරඵ ප‍්‍රවාහනය කිරීමත් මාර්ග අබලන්වීමට දැඩි ලෙස බලපාලා තියෙනවා. උඩහොරොම්බුව මාර්ගයෙන් මාතලේ මාර්ගයටත්, පානගමුව මාර්ගයෙන් පැන්නිතව මාර්ගයටත් බොරඵ ප‍්‍රවාහනය කිරීම් කරනවා. මේ නිසා එම මාර්ග දෙකත් මේ වන විට අබලන් වෙමින් යනවා. යම් මාර්ගයක ටොන් දහයකට වඩා බර වාහන ගමන් කිරීම තහනම් කරලා දැන්වීම් පුවරු පවා සවිකරලා තියෙද්දී එවැනි වාහන ධාවනය වෙනවා නම් ඒ වාහන අත්අඩංගුවට ගන්න පුලූවන් කියලා දැනට සති දෙකකට පෙර නව නීතියක් පවා සම්මතවෙලා තියෙන නිසා ඒ පිළිබදව සංවර්ධන කමිටුවේ අවධානය යොමුවිය යුතුයි කියා මා යෝජනා කරනවා ’’යැයි පැවසීය.

මෙහිදී අදහස් දැක් වූ රිදීගම ප‍්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සම සභාපති අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ටොන් දහයකට වඩා බර වාහන ගමන් කිරීම තහනම් කරමින් දැන්වීම් පුවරු සවිකර ඇති මාර්ගවල ධාවනය කෙරෙන බරවාහන සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක කරන ලෙස රිදීගම පොලිසියේ ස්ථානාධිපතිවරයා වෙත දැනුම් දුන්නේය.

(අන්තර්ජාල ඡායාරූපයකි )

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article