Saturday, January 18, 2025

කොළඹ සිට හලාවත පුත්තලම දක්වා දුම්රිය ධාවනය යළිත් පෙර පරිදිම

Must read

            කොළඹ සිට හලාවත-පුත්තලම  දක්වා දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය පසුගිය 12 වැනිදා ⁣පස්වරුවේ සිට ලුණුවිල ප්‍රදේශයට පමනක් සිමා විය.   එයට හේතු වුයේ  තුම්මෝදර සහ නාත්තන්ඩිය අතර වු දුම්රිය මාර්ග ප්‍රදේශයේ ඇති වු දැඩි ගංවතුර තත්ත්වය යි. පසුගියදා ඇති වූ ධාරානිපාත වර්ෂාව හේතුවෙන් තුන්මෝදර සහ නාත්තන්ඩිය අතර දුම්රිය මාර්ගය හැමිල්ටන් ඇල හෙවත් පාරු ඇලේ ජලය පිටාර යාමයි. මේ හේතුවෙන් දුම්රිය මාර්ගයට අඩි කිහිපයක් ඉහළින් ජලය පිටාර යාමෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනය අවධානමකට ලක් විය.
                     එහෙත් මේ වන විට හැමිල්ටන් ඇලේ ජලය තරමක් බැස ගොස් ඇති නිසා දුම්රිය ධාවනයට ඇති අවධනම්කාරි තත්ත්වය මේ වනවිට පහව ගොස් තිබේ. මේ හේතුව නිසා ඊයේ එනම් 13 වැනි දින පෙරවරුවේ සිට එම මාර්ගයේ ධාවනය වන සියලු  කාර්යාලීය සහ සාමාන්‍ය දුම්රිය පෙර පරිදි කොළඹ සිට හලාවත-පුත්තලම දක්වා සහ පුත්තලම-හලාවත සිට කොළඹ දක්වත් ධාවනය වන බව  ලුණුවිල දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා  පැවසීය. 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article