Saturday, January 18, 2025

කොවිඩ් වසංගතයට සිරවී සිටි ශ්‍රී ලාංකිකයෝ නැවතත් ඉතාලියට

Must read

EZrqn8RVAAE1YbM (8.11am) කොවිඩ් වසංගතය ලෝකයේ පැතිර යාමේ අවධානම ආරම්භවිමත් සමග ඉතාලියේ සේවය කරන ශ්‍රී ලාංකිකයින් පිරිසක් පෙබරවාරි සහ  මාර්තු මුල් භාගයේදි  ලංකාවට පැමිණෙනු ලදි.  වසංගත කාලය තුළ ඔවුන්ට නිවෙස් වලට වී කාලය ගෙවීමට සිදුවූ අතර මෙම ශ්‍රී ලාංකිකයින් සියලු දෙනා නිවෙස් වලට වී සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත නිරෝධායනයට ලක්වූහ.

මේ වනවිට  නිරෝධායනයට ලක්වී ඇති මෙම සියලු දෙනා නැවත ඉතාලිය බලා යෑමට සුදානම් වන බව එම ප්‍රෙද්ශ වලින් වාර්තා වේ. එමෙන්ම ඔවුන්ට ඉතාලියට පැමිණෙන මෙන් ඉතාලියේ රැකියා කළ ස්ථාන වලින්  ආරාධනා කර ඇති බවද රෙස්ටුවරනට්, ආපන ශාලා, විවිධ නිෂ්පාදන ආයතන  වල සේවය කරන ශ්‍රී ලාංකිකයින් නොමැතිව එම ව්‍යාපාර ආරම්භ කිරීමට නොහැකි බව ද ඔවුන් දන්වා ඇති බව ඔවුන් පවසති. මේ වනවිට නැවත ඉතාලියට යෑමට ගුවන්ගත වීමට සූදානම් වන පුද්ගලයින්ට මුහුණ දීමට සිදුවී ඇති ප්‍රධාන ප්‍රශ්නයක් වී ඇත්තේ ගුවන්ගමන් ප්‍රෙව්ශ පත්‍ර වල මිළ ඉහළ යාමයි. මාස කිපයක් ආදායම් නොමැතිව ලංකාවේ ගතකළ දුෂ්කර කාලයෙන් පසු මේ ආකාරයට නැවත විදේශවීමේදී මෙවැනි ප්‍රශ්නයකට මුහුණ පැමට සිදුවිම ඉතා කණගාටුදායක තත්ත්වයක් බව ඔවුන් පවසා සිටිති. කෙසේ වුවත් ඉතාලියට ගිය පසු සති දෙකක් පමණ එරට තුළද නිරෝධායනයට ලක්වීමට ඔවුන්ට සිදුවනු ඇත. කොවිඩ් වසංගත තවමත් අවසන් නැතත් අවදානමක් රැගෙන ජිවත්වීම සදහා නැවත ඉතාලියට යාම අනිවාර්්‍යයක් බව පුත්තලම් දිස්ත්‍රික්කයේ  ජීවත් වන ඉතාලියේ සිට පැමිණි බොහෝ දෙනෙකුගේ පිළිගැනීමයි.

ඉතාලියද ඇතුළු විදේශ වලින් මෙසේ පැමිණි ශ්‍රී ලාංකිකියන් 1000ක් පමණ පුත්තලම දිස්ත්‍රික්කයේ සිටින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසා තිබුණ අතර ඔවුන් නිරෝධායන කිරීම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ආරම්භ කරන ලදී.  ඉතාලියේ සේවය කරන පුද්ගලයින් 300 කට ආසන්න ප්‍රමාණයක් වෙන්නප්පුව , මාරවිල ,දංකොටුව සහ නාත්තන්ඩිය යන ප්‍රෙද්ශ වල සිටියහ. EZrE-TeWkAEutKh

 

 

පුත්තලම් දිස්ත්‍රික්කයත් කොරෝනා අවදානම් කලාපයක්

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article