Saturday, November 23, 2024

කොව්ඩ් 19 ආසාධනය වී ඇති දරුවන් තිදෙනෙකු පුත්තලමෙන් – කොළඹට

Must read

8කොරෝනා වෛරසය ආසාධනය වූ බවට තහවුරු වී ඇති පුත්තලම සහිරා ජාතික පාසලේ නීරෝධායන මධ්‍යස්ථානයේ සිටි දරුවන් තිදෙනෙකුව ප්‍රතිකාර සදහා 05 වැනිදා සවස කොළඹ අයි.ඩී.එච්.රෝහලට පිටත් කර හරින ලද බව සෞඛ්‍ය නිලධාරීන්ගෙන් වාර්තා වේ.

මෙසේ ප්‍රතිකාර සදහා පිටත් කර හරින ලද්දේ වයසඅ වුරුදු 8 ක් සහ 5 ක් වන ගැහැණු දරුවන් දෙදෙනෙකු සහ අවුරු 11 වන පිරිමි දරුවෙකි.
හලාවත මහා රෝහල වෙත ගෙනවිත් සිදු කරන ලද පරීක්ෂණයකින් අනතුරුව ඔවුන් තිදෙනාට කොරෝනා වෛසරය ආසාධනය වී ඇති බවට තහවුරු වී ඇත.

මෙම දරුවන්ගේ පියා කොරෝනා ආසාධිතයෙකු බවට තහවුරු වීම නිසා පසුගිය 31 වැනිදා පුත්තලම සහිරා ජාතික පාසලේ නීරෝධායන මධ්‍යස්ථානයේ සිට කොළඹ අයි.ඩී.එච්.රෝහලට පිටත් කර යවා ඇත.එම අයද ඉන්දුනීසියාවේ සංචාරයක් සදහා ගොස් මෙරටට පැමිණ සිටි අයෙකු බවට හදුනා ගෙන සිටි අයෙකි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article