Saturday, November 23, 2024

කොරෝනා වැළදී ඇති බවට සැක සහිත කාන්තාවක් හලාවතින් I D H රෝහලට

Must read

corona virus

(4.28pm)  කොවෝඩ් 19 හෙවත් නව කොරෝනා රෝගය වැළදුණු බවට සැකකරන කාන්තාවක් හලාවත මහා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව කොළඹ අයි.ඩී.එච්.රෝහලට මාරු කර යවා ඇත. අද (11)  වැනිදා පෙරවරුවේ මෙම කාන්තාව ප්‍රතිකාර සදහා හලාවත මහා රෝහලට ඇතුළත් වී ඇත.පසුව ඇයව එදිනම දහවල් 12.00 ට පමණ කොළඹ අයි.ඩී.එච්.රෝහලට මාරු කර යැවීමට කටයුතු කළ බව හලාවත මහා රෝහලේ ප්‍රකාශකයෙකු පැවසීය.

ඉතාලියේ සේවය කර ඇති බව කියන 53 හවිරිදි මෙම කාන්තාව මෑතකදී මෙරටට පැමිණ ඇති බවට තොරතුරු ලැබී ඇත.ඇය ආඩිගම – සේරුකැලේ පදිංචිකාරියකි.ඇයට වැළදී ඇත්තේ කොරෝනා රෝගයද යන්න නිශ්චිතවම හදුනා ගෙන නොමැති නමුත්,රෝග ලක්ෂණ පහළ කරන බැවින් වැඩිදුර ප්‍රතිකාර සදහා අයි.ඩී.එච්.රෝහලට පිටත් කර යැවීමට කටයුතු කළ බවද රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.


 

ජුඩ් සමන්ත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article