(5.02pm) සුළු වැරදි වලට දඩුවම ලබා සිටි සිරකරුවන් 44 දෙනෙකුව යාපනයේ බන්ධනාගාරයෙන් නිදහස් කර ඇත. ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය ආසාධනය ව්‍යාප්තිය වැලැක්වීම පිනිස සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින සිරකරුවන් නිදහස් කරවිම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් ගනු ලැබූ විශේෂ ක්‍රියාමාර්ගයක් යටතේ ඔවුන්ට අධිකරණය හරහා නිදහස ලබාදී ඇත. ඊයේ යාපනය මහා අධිකරණය විසින් මෙම සිරකරුවන් 44 දෙනා නිදහස් කිරීමේ නියෝගය ලබාදි තිබේ.
www.todayjaffna.com වෙබ් අඩවිය සදහන් කරන අකාරයට මෙම ක්‍රියාමාර්ගයට අනුව පසුගිය දින කිහිපය තුළ මෙම මෙහෙයුම මගින් පුද්ගලයින් 197 දෙනෙකු දැනටමත් නිදහස් කර ඇත. අද (01) නිදහස් කළ අය ද ඇතුළුව පුද්ගලයින් 241 දෙනෙකු මේ වනවිට නිදහස් කර තිබේ.
තොරතුරු / todayjaffna.com