Saturday, January 18, 2025

කොරෝනා වලින් පොරක් වෙන්න දගලන මේ ඉතාලි ශ්‍රි ලාංකිකයා කවුද ?

Must read

CORONANEW
මේ වනවිට කෝරෝනා වෛරසය අසාධනය වී ඉතාලියේ බ්‍රෙෂියා නගරයේ චිවිලේ ප්‍රධාන රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටින කාන්තාවගේ ඡායාරූප සහ වීඩියෝවක් සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙමින් තිබේ. රෝහලේ සිටින ඇයව දුරකථනයෙන් වීඩියෝ කරමින් මෙම වීඩියෝව මුදාහැර ඇත්තේ සිරිමල් පතිරාජ නමැත්තෙකි. ඔහු ස්වධීන රූපවාහිනය ද නියෝජනය කරමින් මෙම රාජකාරිය  කර තිබේ.
මෙහි ශීර්ෂ පාඨය ‘‘ යුරෝපයේ හමුවුණු පළමු කොරොනා වෛරසය වැළඳුණු ශ්‍රී ලාන්කික රොගියා හමුවේයි ”  i t n සමඟ කල විශෙශ්ෂ   ප්‍රකාශය. ”
එහිම මෙහි පළමු ජුගුප්සාසහගත තලුමැරීම ප්‍රදර්ශනය වේ. හරියට කවදාවත් දැකගන්න බැරි අපූරු සත්වෙයෙකු හමුවූවා සේ මොහු මේ මේ කාන්තාව අපහුසුතාවයට ලක්කරමින් දුරකථනය හරහා විඩියෝ සාකච්ඡාවක් සිදුකර තිබේ. මෙම වීඩියෝවේ අසන ප්‍රශ්න බැලූ බැල්මටම  සදාචාර විරෝධීය. එමෙන්ම  ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටින කාන්තාවකගෙන් ඔහු  ඇගේ ඉතාලි රැකියාව සමබන්ධයෙන් දීර්ඝ ප්‍රශ්න අසයි. ඉන්පසු ඔහු ඇයට රෝහලෙන් ප්‍රතිකාර කිරීම පිළිබදව ප්‍රශ්න කරයි. ඇත්තෙන්ම එය අයිති රෝහලේ වෛද්‍යවරුන්ටය. හරියට ලංකාවේ රෝහල් ඉතා සුපිරි අන්දමට  රෝගීන්ට හොදටම සලකනවා වගේ ඔහු මේ ඉතාලි රෝහලක සිටින  සිංහල කාන්තාවක් ඉදිරියේ බොරු පුරාජ්රු කතා, අස්වැසීම්, කරගෙන යයි.
මේ දිනවල විදේශගතව පැමිණෙන කොරෝනා යැයි සැක සහිත රෝගීන් තාවකාලිකව මීගමුරෝහලේ ඒ වෙනුවෙන් වෙන්කර ඇති වාට්ටුවක නවතා ප්‍රතිකාර කරනු ලබයි.  එම රෝගීන්ගෙන් වාර්තා වන්නේ එහි ප්‍රධාන වෛද්‍යවරයා හැරෙන්නට ඔවුන්ට සත්කාර කරන්නට සිටින හෙද හෙදියන් ඔවුන් ලගට ඒමට බිය වන බවයි. ඔවුන්ට  කොරෝනා  වැළදී නැතත් ඔවුන් අත්හැරදමා, කොන්කරමින් සිටින බවත් වාර්තා වේ.  තත්ත්වය එසේ තිබියදී   මාධ්‍යෙව්දියෙක් යැයි කියා ගන්නා මේ පුද්ගලයා ඉතාලියේ  චිවිලේ රෝහලට ගැනද  ප්‍රශ්න කරයි.   ඉන්පසු ඔහු රජයේ නියෝජිතයෙකු ගේ ද වෙස්ගෙන  ජනාධිපතිවරයා ගැනත්, ලංකාව ගැනත් දොඩවයි. මෙය හරියට ජාත්‍යන්තර තරගයක් ජයගෙන ලංකාවට පැමිණි ක්‍රීඩකයෙකුට සුබපැතිමක් වැනිය. රෝගියෙකුගේ ජීවිත පරදුවට තබමින් තමන්ගේ පොර මානසිකත්වය හා පහත් බාල ජනප්‍රියකමකින් සැරසී මෙම කාන්තාව පත්කළ එම අපහසුව මේ දෙස බුද්ධියෙන් බලන ඕනෑම පුද්ගලයෙකුට වැටහේ. අනෙක් කරුණ නම් මෙවැනි රෝගීයෙකුගේ මානසික මට්ටම නොහොබිනා ආකාරයට ඔහු විසින් ඇයව ප්‍රශ්න කිරීම කිසිසෙත්  අවස්ථාවට සුදුසු නොවීමයි.
කෙසේ වුවත් ඔහුගේ මුහුණ පොතට අනුව නම් ඔහු පවතින රජයට රෙදි නැතිව කඩේ යන රටවිරුවෙකු බව පෙනෙයි.  මේ ලගදී ඔහු ඔහු සුන්දර ස්විස් නුවර බලාගැනිමට ද ගොස් ඇති බවත් පෙනේ.
මෙම වීඩියෝව ඉතාලියේ සිටින බොහෝ  ශ්‍රී ලාංකිකයින් මේ වනවිටත් හෙලා දැක තිබේ. මේ වනවිට ඉතාලියේ බ්‍රේෂියා නගරයේ සේවය කරන  හිටපු  වෙන්නප්පුව ලංකාදීප වාර්තාකරු වන චන්දන ප්‍රනාන්දු මහතා ද මෙම වීඩියෝව ගැන විවේචනයක් ඉදිරිපත් කර තිබුනේ මේ ආකාරයටයි. එමෙන්ම  බේසියා හි විචෙල්ලි  රෝහල ගැන ද ඔහු ගේ මුහුණ පොතේ ප්‍රශංසා පළකර තිබුණි.

CHANADANA-3CHANADANA2CHANADANA1

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article