(2.40pm)කොරෝනා වෛරසය ආසාධනය වූ කන්තාවක් ආණමඩුව මූලික රෝහලෙන් පැන ගොස් ඇති බවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පලවන තොරතුරු වැරදි සහගත බව ආණමඩුව මූලික රෝහලේ අධ්‍යක්ෂකවරයා සදහන් කරයි. කැස්ස සහ ශ්වසන රෝගයෙන් පෙලී ඇති කාන්තාවක් පසුගිය සිකුරාදා (03 ) ආණමඩුව මූලික රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර ලබා ඇත.ඇය කොරෝනා ආසාධිතයෙකු බවට රෝග ලක්ෂණ පෙන්නුම් කර නැතත්,ඇතිවූ සැකය මත සෙසු රෝගීන්ගෙන් වෙන් කර ප්‍රතිකාර කිරීමට ආණමඩුව මූලික රෝහලේ වෛද්‍යවරුන් කටයුතු කර ඇත.ඇය 04 වැනිදා රෝහලෙන් පිටත්ව ගොස් ඇත.
මෙම කාන්තාව 05 වැනිදා සවස ශ්වසන රෝගය උත්සන්න වූ බව පවසමින් හලාවත මහා රෝහලට ඇතුළත්වී ඇත.ඇය ප්‍රතිකාර සදහා නේවාසික කර ඇත්තේද හලාවත මහා රෝහලේ ශ්වසන රෝග ඒකකය තුළය.05 වැනිදා රාත්‍රීයේ ඛේට සාම්පල් පරීක්ෂා කිරීමේදී අනාවරණය වී ඇත්තේ එම රෝගී කන්තාවට කොරෝනා රෝගය ආසාධනය වී ඇති බවය.ඒ අනුව ඇයව වැඩිදුර ප්‍රතිකාර සදහා කොළඹ අයි.ඩී.එච්.රෝහලට මාරු කර යවා ඇත.
ජුඩ් සමන්ත.