Saturday, January 18, 2025

කොරෝනා අර්බුදය අස්සේ රජයට නෑසුන බහුදින ධිවරයාගේ අඳෝනාව !

Must read

ලංකාවේ කොරෝනා  ව්‍යාප්තිය සමග රට තුල ඇතිවූ  අලුත්  තත්ත්වය හේතුවෙන් දැනට මාසයකට  පමණ පෙර ධීවර රැකියාවේ නිරත වූ  බහුදින යාත්‍රාකරුවන්  ලබාගත්  මත්ස්‍ය අස්වැන්න අපනයනය කරගැනීමට නොහැකිව විශාල පාඩුවකට තමන් මුහුණ දී සිටින බව බහුදින යාත්‍රාහිමිකරුවන්ගේ සංගමය පවසයි. බහුදින යාත්‍රා වලින් උපයන මත්ස්‍ය සම්පත පිටරටවල් වලට විකිණිමත් දේශීය වශයෙන් හෝටල්, රෙස්ටුවරන්ට් වැනි ව්‍යාපාරික ස්ථාන වලට අළෙවි කර අදායම් ඉපයීම සාමාන්‍යෙයන් සිදුවන ක්‍රියාවලියයි. රටතුල ඇතිවූ හදිසි තත්ත්වය හේතුකොට ඒ සියලු අවස්ථා අහිමිව ගොස් ඇති අතර රජය පැත්තෙන්  තම ධිවරයින්ගේ මාළු මිළදි ගැනිම සදහා විධිමත් වැඩපිලිවෙලක්  ඇතිකිරීමට තවමත් ප්‍රමාද බවත් බහුදින ධිවර යාත්‍රාකරුවන්ගේ සංගමයේ  ලේකම් රුවන් මහතා පවසයි.පහත දැක්වෙන්නේ ඔහු වයඹ ටුඩේ වෙබ් අඩවිය සමඟ  කළ කෙටි අදහස් දැක්වීමයි.41204373502_00091e8f89_b

රටේ ඇතිවූ හදිසි තත්ත්වය හේතුවෙන් බහුදින යාත්‍රා හිමියන්ගේ  සංගමයට මුහුණදිමට සිදුවෙලා තිබෙන ගැටළුව ?

අපේ යාත්‍රා සති දෙක, මාසයක වගේ කාලයක සිටන් මුහුදු ගොස් ගෙනා මත්ස්‍ය අස්වැන්න අපනයනය කිරීමට තිබූ හැකියාව එකවරම ඇණහිටියා.  සතියකට පමරණ පෙර අපි ඉල්ලීමක් කළා රජයට අපේ මාළු අස්වැන්න මීලදී ගන්නා ලෙස. මොකද අපි ඒ වනවිටත් මේ අර්බුදය එන බව තේරුම් අරගෙන හිටියේ. ඒ නිසා ධිවර අමාත්‍යවරයාටත්, අමාත්‍යාංශ ලේකම්ටත් මේ බව අපි දැනුම්දීලා අපේ මාලු අමාත්‍යාංශයෙන් මිලදී  ගෙන දේශීය වෙළදපොළට බෙදාහරින්න කියලා අපි ඉල්ලීමක් කළා. ඒවාට පිළිතුරුත් ලැබුණා.  නමුත් ක්‍රියාත්මක වුණේ ගොඩාක් ප්‍රමාද වෙලා. ධිවර අමාත්‍යාංශයටත් අපේ මාලු විශාල පරිමාණයක් මිළදී ගෙන ගබඩා කර ගැනීමට ධාරිතාවයක් නැහැ. අද තමයි අපෙන් මාළු ගැනීම ආරම්භ කළේ. ඒක වරායවල් දෙකකින් පටන්ගත්තේ. ඒ වගේම දකුණින් සහ නැගෙනහිරෙන් මාළු මිලදීගන්න තමයි රජය අමාත්‍යාංශය සැලසුම් කරන්නේ. නමුත් එච්චර ප්‍රමාණයක් අරගෙන ගබඩා කරන්ඩ එයාලට පහුසුකම් නෑ. අපේපැත්තට අවධානය යොමු කෙරුන්නේ නෑ. ධිවරයා් ගැන කතා කෙරුවෙත් අද තමයි. මාළු ලොරියක් යන්ඩ බැ පොලීසියෙන් අල්ලනවා. කෘෂිකර්මයට අවස්ථාව දෙනවා වගේ අපටත් අවස්ථාව දෙන්ඩ ඕනා. පසුගිය සතියෙම කිසි දෙයක් කරගන්ඩ බැරිව බෝට්ටු බැදලා ගෙවල් වලට වෙලා ඉන්ඩ වුණා  බහුදින යාත්‍රා හිමියන්ට. අපි ස්ටොක් කරලා රුපියල් 800ට 1000 ට විකුණපු මාළු අද රුපියල් 250 ට 300 ට විකුණන්ඩ සිද්ධ වෙලා තියෙනවා. අපි වියදම් කරනවා ලක්ෂ 15ක් 20ත්  අතර මුදලක් බහුදින යාත්‍රාවක් මුහුදට දාන්ඩ. සමහර බෝට්ටු වලට ලක්ෂ 30 ක් පමණ වියදම් කරනවා.අපි මාළු කිලෝ හාර පන්දාහක් ගෙනාවම ඒක රු 300 ගානේ වික්කොත් ලැබෙන්නේ ලක්ෂ 15යි.  සමහර බෝට්ටු වල මාළු කිලෝ 2000ක් ගේනවා. එතකොට ලක්ෂ 06යි අදායම.ඒකෙන් සේවක වියදම පියෙව්වාම හිමිකරුවාට නැවත මුදට යන්ඩ තෙල් ගහන්ඩ වෙන්නේ ණය වෙලා. ඒ සදහා රජයෙන් තෙල් සහනයක්වත් ලැබෙන්නේ නෑ.ඒ ගැන අපි කණගාටුවෙනවා.

ධීවර අමාත්‍යවරාව මේ සම්බන්ධයෙන් දැනුවත් කලා ද?

ධිවර අමාත්‍යවරයාගෙන් අද  උදෙත් මම ඉල්ලිමක් කළා. අපෙන් මාළු මිළදී ගන්නා මිළ රු 550 දක්වා වත් වැඩිකරලා දෙන්ඩ කියලා අපි ඉල්ලුවා. රජය යම්කිසි පාඩුවක් දරලා හරි. නමුත්  අමාත්‍යාංශයට මේක ක්‍රමවත්ව අළෙවි කලොත් පාඩුවක් වෙන්නේ නෑ.ගොවියන්ගෙන් යම් සහන මිළකට අස්වැන්න රජය මිළදී ගන්නවා වගේ සහනයක් ධිවරයාටත් දෙන්න  ඕනා කියලයි අපි කියන්නේ.ඒ ගැන ධිවර අමාත්‍යාංශයේ හෝ රජයේ  වගකිවයුත්තන්ගේ අවධානය  යොමු වෙලා නෑ,

අද වරායෙන් අපේ මාලු මිළදී ගත්තා. කෙලවල්ලෝ මාලු කිලෝ එක රු 350ට ගත්තේ. අපි අමාත්‍යවරයාගෙන් ඉල්ලුවාම එයාලා ක්‍රියාත්මක කරන වැඩපිලිවෙලක් ලෙස තමයි මේ මිලදී ගැනිම් ක්‍රියාත්මක වුණේ. විකුණලා සල්ලි දෙන පදනම මත තමයි ඒකත් සිදුවුණේ. එහෙම නැතිව රජයෙන් තාම නිසි වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරලා නෑ. අපිට බිල් හම්භ වෙන්නේ සති දෙකකින්.  දැනට අපේ මාලු මිළදී ගන්නේ විකුණලා සල්ලි දෙන පදනම මත තමයි.

මොකද්ද අද වෙද්දී බහුදින යාත්‍රාකරුවන්ගේ තත්ත්වය ?  

දැන් ගොඩාක් යාත්‍රා රැකියාවට නොයන තත්ත්වයක ඉන්නේ. ඒ විතරක් නෙමේ රජය විසින් බැංකු ලෝන් වලට හය මාසයක සහනයක් දෙනවා කියලා කියෙනවා.  මට දැනගන්ඩ ලැබුණ විදිහට ඒකට ධිවරයන් ඇතුළත් කරලා නැහැ. සංචාරක සහ ඇඟලුම්  ක්ෂේත්‍ර වලට  විතරයි ඒ සහනය ලැබෙන්නේ. එතකොට අපිට විශාල පාඩුවක් සිදුවෙලා තියෙද්දී බැංකු වලට දාන්ඩ සල්ලි කොහෙන්ද ?  අනිත් කාරණය විදේශ විණිමයක් ගේන්ඩ මහන්සි වෙන්නේ ඇගළුම් කර්මාන්තය විතරක් නෙමේ. අපිත් විශාල විදේශ විණිමයක් ගේනවා. එතකොට මේ බහුදින යාත්‍රාකරුවන්ගේ බෝට්ටු වලට ඔවුන්ගේ මාලු වලට මොකද වුණේ කියන එක ගැන අවධානය යොමුවුණේම නැහැ. මාලු බෝට්ටු වල කුණු  වුනාද , නැත්නම් ඒවා වික්කද කියන එක ගැන සොයා බලන්ඩ එපැයි. අද තමයි මෙහෙම හරි බෝට්ටු හතරක මාලු ගත්තේ. නමුත් බෝට්ටු 100ක් විතර මෙතන තියෙනවා. එහෙම තියෙද්දී බෝට්ටු 04 ක මාළු අරන් මොකද කරන්නේ.  හෙට ධීවර අමාත්‍යවරයා විසින් කැබිනට් මන්ඩලයට අපේ ඉල්ලීම් ඉදිරිපත් කරනවා කියලා පොරොන්දු වුණා අපිට කියන්ඩ තියෙන්නේ අපට ඉල්ලූ ප්‍රකාරව සහන ලබාදෙන්ඩ කියලයි.


 

 

 

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article