Sunday, January 19, 2025

කොට්ටරාමුල්ල ප්‍රදේශයේ පුද්ගලයින් 37 දෙනෙකු ස්වයං නීරෝධායනයට

Must read

corona virus
(12.56pm) කෙවිඩ් 19 පාලනය කිරීම සදහා රජය විසින් ඒ සදහා වන නීති සම්පාදනය කර ගැසට් නිවේදනය කඩිනමින් නිකුත් කළ යුතුව ඇතැයි ශ්‍රී ලංකා මහජන
සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සදහන් කරයි. එසේ නොවන්නේ නම් කොවිඩ් දෙවැනි රැල්ල පාලනය කිරීම ගැටළුක්
බවත්,කඩිනමින් නීති සම්පාදනය නොවන්නේ නම් තම නිලධාරීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විවිධ ක්‍රියා මාර්ග ගැනීමට සිදු වන බවද හෙතෙම කියා සිටියේය.
මේ අතර නාත්තන්ඩිය – කොට්ටරාමුල්ල ප්‍රදේශයේ නිවස 09 ක පුද්ගලයින් 37 දෙනෙකු ස්වයං නීරෝධායනයට යොමු කිරීමට සෞඛ්‍ය නිලධාරීන් කටයුතු
කර ඇත.කොවිඩ් වෛරසය ආසාධනය වී ඇති බවට හදුනා ගෙන ඇති තරුණියගේ පවුලේ අයගේ ජෛව සාම්පල් ලබා ගෙන පරීක්ෂණ කටයුතු සදහා යැවීමටද
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර ඇත.


ජූඩ් සමන්ත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article