Saturday, January 18, 2025

කූඩ පිරෙන්නට හාල්මැස්සන් අසුවුනත් හලාවත ධීවරයින්ට නිසි මිළක් නෑ

Must read

hal 1' hal 4
හලාවත වෙරළ තිරයෙන් ඈත දියඹට මසුන් මැරීමට යන ධීවර කාර්මිකයින්ට මේ දිනවල බහුල වශයෙන් හාල්මැස්සන් මත්ස්‍යයන් අල්ලා ගත හැකිවී ඇතත් එයට නිසි මිළක් ලබා ගත නොහැකිවිම නිසා ප්‍රදේශයේ ධීවරයින් දැඩි ලෙසින් අසීරුතාවට මුහුණ පා ඇතැයි කියති. පසුගිය දිනවල විවිධ හේතුන් මත විවිධ තහංචි පැනවීම නිසා මසුන් මැරීමට යාමට නොහැකිවීමෙන් තමන් ආර්ථික වශයෙන් දැඩි ලෙසින් පීඩනයට පත්වු අතර දැන් තමන් මුහුදු යන අතර හාල් මැස්සන් නෙලා ගැනීමේ අවස්ථාව උදාවිම සතුටට කරුණක් බවත් ප්‍රදේශයේ ධීවරයෝ පෙන්වා දෙති. විශාල වශයෙන් හාල්මැස්සන් අසුවීමත් සමග අමු හාල්මැස්සන් කිලෝවක් මේ දිනවල රුපියල් සියයකට හෝ විකුණා ගත නොහැකිවීම කණගාටුවට කරුණක් බවත් එක් දින යාත්‍රාවකින් මුහුදු ගොස් තමන් හාල් මැස්සන් කිලෝ 150 කට වැඩි ප්‍රමාණයක් අල්ලා ගන්නා බවත් කියති. මේ අතර හලාවත පොදු මත්ස්‍යය වෙළද පලේ අද ( 15 දා ) අමු හාල්මැස්සන් කිලෝවක සිල්ලර මිල රුපියල් 150 ක් වු බවත් එය තමන්ට වාසියක් බවත් පාරිභෝගිකයින් පෙන්වා දුන්හ.අමු හාල්මැසසන් මිල පහත බැස ඇති නිසා බෝහෝ ධීවරයින් එම හාල්මැස්සන් විකිණිම සීමා කරමින් එම හාල් මැස්සන් වේලා කරවල කිරිමට යොමුව ඇති බවත් දැක ගත හැකි විය. මේ හලාවත පොදු මත්ස්‍යය වෙළද පල අසල කලපු ඉවුරෙහි ධීවරයින් හාල් මැස්සන් දැල් වලින් ඉවත් කර ගන්නා අයුරුය.

හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article