Saturday, January 18, 2025

කුරූණෑගල ආයුර්වේද රෝහල තුළ අංග සම්පූර්ණ භික්ෂු වාට්ටු සංකීර්ණයක්

Must read


Photo -https://buddhabe.tumblr.com/

ආරණ්‍යගතව, භාවනායෝගීව වැඩ වාසය කරන භික්ෂූන් වහන්සේලා උදෙසා කුරූණෑගල ආයුර්වේද රෝහල් පරිශ්‍රය තුළ අංග සම්පූර්ණ භික්ෂු වාට්ටු සංකීර්ණයක් ඉදි කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි සහ වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් වයඹ පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්වී ඇත. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකකිරීමට කුරුණෑගල මහා විහාර ගිලන් භික්ෂු භාරකාර මණ්ඩලය, දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය, වයඹ පළාත් සභාව, වයඹ පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ක්‍රියාත්මකවී ඇත. මෙම අංග සම්පූර්ණ භික්ෂු වාට්ටු සංකීර්ණය ඉදි කිරීමේ මූල්‍ය දායකත්වය හා එහි අනෙකුත් නඩත්තු කටයුතු මෙන්ම ගිලන් භික්ෂූන් වහන්සේලා උදෙසා දානය, ගිලන්පස මෙන්ම දේශීය ඖෂධ ලබා දීම කුරූණෑගල මහා විහාර ගිලන් භික්ෂූ භාරකාර මණ්ඩලය මගින් සිදු කිරීමට නියමිත අතර ගිලන් භික්ෂූන් වහන්සේලා උදෙසා දේශීය වෛද්‍ය ප්‍රතිකාර සේවාවන් ලබා දීම කුරුණෑගල ආයුර්වේද රෝහල් කාර්ය මණ්ඩලය මගින් ලබා දීමට සැලසුම් කර තිබේ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article