Saturday, January 18, 2025

කුරුණෑගල 471 ක් දැනටමත් පැරදිලා !

Must read

 

ඉදිරි වසර පහක කාලයක් සදහා තමන් නියෝජනය කිරීම පිණිස ජනතා නියෝජිතයින් පහළොස් දෙනෙකු අභිනව පාර්ලිමේන්තුව වෙත තෝරාපත්කර යැවීම සදහා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින් දොළොස්ලක්ෂ හැට හයදහස් හාරසිය හතළිස්දෙනෙකු ( 1266443 ) දිස්ත්‍රික්කය පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 925 කදී අද ඡන්දය ප්‍රකාශ කරති.

ජනතා නියෝජිතයෙකු බවට පත්වීමේ අපේක්ෂාවෙන් කුරුණැගල දිස්ත‍්‍රික්කය නියෝජනය කරමින් අභිනව පාර්ලිමේන්තුව වෙත තෝරාගැනීමට නියමිත අතර ඒ සදහා දේශපාලන පක්ෂ 12 ක් සහ ස්වාධීන කණ්ඩායම් 16 ක් නියෝජනය කරමින් අපේක්ෂක අපේක්ෂිකාවෝ 486 දෙනෙකු මහ මැතිවරණයට තරගවැදී සිටිති. ඒ අනුව මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ගෙන් 471 දෙනෙකු නියත වශයෙන්ම මැතිවරණයෙන් පරාජයට පත්වීමට නියමිතව සිටිති.

කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ රජයේ නිලධාරීන් 18000 ක් මැතිවරණ රාජකාරීවල යොදවා ඇති බවත්, ඡන්දපොළවල සහ ගණන් කිරීමේ මධ්‍යස්ථානවල ආරක්ෂාව ඇතුඵ ආරක්ෂක කටයුතු සදහා පොලිස් නිලධාරීන් 7000 ක් සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් 350 දෙනෙකුද යොදවා සිටින බවත් කුරුණෑගල දිස්ත‍්‍රික් තේරීම්භාර නිලධාරී ගාමිණී ඉලංගරත්න මහතා ඊයේ දහවල් කුරුණෑගල දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

පසුගිය ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදි දුරබැහැර ප‍්‍රදේශවල සිට ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ප‍්‍රවාහනය කිරීමට බස් රථ යොදාගැනීම නිසා ඇති වූ ප‍්‍රමාදයන් පිළිබදව සලකා බලා එවැනි ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ප‍්‍රවාහනය කිරීම සදහා මෙවර කැබ් රථ යොදවා ඇති බවද දිස්ත‍්‍රික් තේරීම්භාර නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය.

කාටූනය උපුටාගැනීම.
මව්බිම පුවත්පත –

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article