කුරුණෑගල ශික්ෂණ රෝහලේ බාහිර රෝගී ප්‍රතිකාර අංශයේ අද (07 දා) අඵයම ඇති වූ හදිසි ගින්නක් හේතුවෙන් එහි තිබූ වෛද්‍ය උපකරණ ඇතුලු උපකරණ තොගයක් ගින්නට හසුවීමෙන් දැවී විනාශයට පත් විය.
අද අඵයම පහට පමණ බාහිර රෝගී අංශයේ සවිකර තිබූ වායු සමීකරණ යන්ත්‍රයක ඇති වූ ගින්නක් වායු සමීකරණ පද්ධතිය හරහා බාහිර රෝගී අංශයේ කාමර කිහිපයක් වෙත පැතිරී ගොස් තිබිණි. ගින්නට හසුවීමෙන් වායු සමීකරණ යන්ත්‍ර තුනක්, රෝගී පුටු, ඇදන් සහ මේස ඇතුලූ උපකරණ කිහිපයක්ද විනාශයට පත් වී තිබිණි. ඊට අමතරව බාහිර රෝගී අංශයේ කාමර වෙන් කිරීමට යොදාගෙන තිබූ සැහැල්ලු ද්‍රව්‍යයන්ද (පාටිෂන් ) ගින්නට හසු වී සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් තිබූ අතර, සිවිලිමේ සහ බිත්තිවල ඇතැම් ස්ථානයන් ගින්න හේතුවෙන් කලු පැහැගැන්වී තිබූ අයුරුද දැකගත හැකි විය.
අද උදෑසන කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවක සේවිකාවන් විසින් ගිනි ගැනීමට ලක් වූ බාහිර රෝගී අංශයේ සුන්බුන් ඉවත් කර සෝදා පිරිසිදු කළ අතර කුරුණෑගල ශික්ෂණ රෝහලට යාබදව පිහිටි කුරුණෑගල හෙද විදුහල් ශ්‍රවණාගාරය තුළදී බාහිර රෝගී ප්‍රතිකාර කටයුතු පවත්වාගෙන යාමට රෝහල් පාලනාධිකාරිය විසින් පියවර ගෙන තිබිණි.
ගින්න ඇති වූ අවස්ථාවේම ඒ බව දුටු රෝහල් සේවක සේවිකාවන් සහ විදුලි නඩත්තු ඒකකයේ සේවකයින් එක්ව ගින්න නිවාදැමීම නිසා ඇතිවීමට ගිය විශාල විනාශයක් වළක්වා ගත හැකි වූ බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය චන්දන කදන්ගමුව මහතා පැවසීය. දැනට ගණන් බලා ඇති ආකාරයට මෙම ගින්න හේතුවෙන් රුපියල් ලක්ෂ දහයක පමණ ආලාභයක් සිදු වී ඇති බවත්, බාහිර රෝගී අංශයේ සවිකර ඇති වායු සමීකරණ යන්ත්‍ර එක දිගටම ක්‍රියාත්මකව පැවතීම හේතුවෙන් මෙම ගින්න හටගන්නට ඇතැයි සැකකරන බවද හෙතෙම පැවසීය. ඉදිරි දින කිහිපය තුළදී ගිනිගැනීමට ලක් වූ ගොඩනැගිල්ල නවීකරණය කිරීමෙන් පසු බාහිර රෝගී අංශයේ කටයුතු නැවත එම ගොඩනැගිල්ලේදී ආරම්භ කිරීමට බලාපොරොත්තු බවත්, එතෙක් හෙද විදුහල් ශ්‍රවණාගාරය තුළදී බාහිර රෝගී අංශයේ ප්‍රතිකාර කටයුතු අඛණ්ඩවම පවත්වාගෙනයාමට බලාපොරොත්තු වන බවද නියෝජ්‍ය අධ්යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.
ගින්න ඇති වූ අවස්ථාවේදී ඒ පිළිබදව කුරුණෑගල මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකයට ඒ බව දැනුම්දුන් නමුත් රෝහල් සේවකයින් එක්ව ගින්න නිවාදමන තුරුම එම ඒකකය එහි නොපැමිණි බවද නියෝජ්‍ය අධ්යක්ෂවරයා පැවසීය. ගිනි නිවීම් ඒකකයේ සහය ලැබුණේ නම් ගින්න මේ තරමට හෝ පැතිරයාමට නොදී පාලනය කරගත හැකිව තිබූ බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.
ඡායාරූප – නිරෝෂන් ජයතිස්ස / වයඹ ටුඩේ කණ්ඩායම
ගින්නට හසු වී තිබූ බාහිර රෝගී අංශ ගොඩනැගිල්ල
බාහිර රෝගී අංශයේ තිබූ උපකරණ ගින්නට හසු වී තිබූ අයුරු ගින්නට හසු වූ බාහිර රෝගී අංශය රෝහල් සේවක සේවිකාවන් විසින් පිරිසිදු කළ තිබූ අයුරුබාහිර රෝගී අංශයේ කටයුතු හෙද විදුහල් ශ්‍රවණාගාරය තුළදී සිදු වූ අයුරු