Sunday, November 24, 2024

කුරුණෑගල රණවිරු ස්මාරකය ගැන මෛත‍්‍රී කට අරියි ! (VEDIO)

Must read

President_hiriyalaකුරුණෑගල වෙළගෙදර ක‍්‍රීඩාංගණය ඉදිරිපිට පිහිටි රණවිරු ස්මාරකය එම ස්ථානයෙන් ඉවත් කිරීමට සිදුවූයේ කුරුණෑගල – දඹුල්ල මාර්ගයේ ප‍්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් බවත්, එම ප‍්‍රතිසංස්කරණ කටයුතු අවසන් වූ වහාම වඩා නිර්මාණශීලි රණවිරු ස්මාරකයක් එම ස්ථානයේ කඩිනමින් ඉදිකරන ලෙසට තමන් විසින් සියලු අංශ වෙත උපදෙස් ලබාදී ඇති බවත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (31 දා ) හිරියාලේදී පැවැසීය.

ජනාධිපතිවරයා මෙලෙස ප‍්‍රකාශ කළේ මතින් නිදහස් රටක් වැඩපිළිවෙල යටතේ හිරියාල මැතිවරණ කොට්ඨාශයේ, මීගහඇළ විද්‍යාලීයිය ක‍්‍රීඩාංගණයේදී ඊයේ සංවිධානය කර තිබූ පළමු ප‍්‍රාදේශීය සමුඵව අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපතිවරයා මෙසේද පැවැසීය.

අද මම කුරුණෑගලට පැමිණි වෙලාවේ මට ආරංචි වුණා කුරුණෑගල නගරයේ අද උදේ වරුවේ පවත්වන උද්ඝෝෂණයක් සම්බන්ධයෙන්. කුරුණෑගල – දඹුල්ල මාර්ගය දැන් අවුරුදු ගණනාවක සිට ප‍්‍රතිසංස්කරණය කරනවා. ඒ මාර්ගය ප‍්‍රතිසංස්කරණය කිරීමේදි කුරුණෑගල නගරයට ආසන්නයේ තිබෙන රණවිරු ස්මාරකයක් මාර්ගය ප‍්‍රතිසංස්කරණය කිරීම නිසා තාවකාලිකව ඉවත් කරන්නට සිදු වුණා. මාර්ගයේ ප‍්‍රතිසංස්කරණ කටයුතු අවසන් වුණාම නැවත එය වඩා හොදින් ඉදිකිරීම සදහා ඒක ඉවත් කළේ යුද හමුදාවෙන්මයි. නමුත් ඒ ප‍්‍රදේශයේ ඉන්න මහ ජනතාව නොමග යවන එක්තරා පිරිසක් මේ පිළිබදව වැරැදි මතයක් ප‍්‍රදේශයට සහ රටට දීමට අද දිනයේ උද්ඝෝෂණයක් පවත්වන බව මට දැනගන්න ලැබුණා. මේ රණවිරු ස්මාරකය යුද හමුදාවෙන් ඉවත් කරන අවස්ථාවේදීම මම එවේලේම උපදෙස් දුන්නා යුද හමුදාවටත්, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්ටත්, ඒ වගේම වයඹ මහ ඇමැතිතුමා ඇතුලු පළාත් සභාවට, මේ ප‍්‍රදේශයේ මැති ඇමැතිතුමාලට මේ පාරේ ප‍්‍රතිසංස්කරණ කටයුතු අවසන් වූ වහාම තිබුණාට වඩා අලංකාර, ශක්තිමත් නව නිර්මාණශීලි රණවිරු ස්මාරකයක් එම ස්ථානයේ හැකි පමණ ඉක්මනින් ඉදිකරන්න කියලා. මම හිතනවා ඒ කටයුතු කාර්යක්ෂම වෙලා මේ කටයුත්ත ඉක්මනින් වෙයි කියලා. මම මේ කාරණාව කිව්වේ බොහෝ වෙලාවට මත්ද්‍රව්‍යවලින් සමාජය නොමග යවනවා වගේම විවිධ අංශවලින් සමාජයට වැරදි තොරතුරු දීලා, වැරදි ප‍්‍රචාරයන් දීලා බොහෝ වැරැදි අවබෝධයන් දෙන පිරිස් ඉන්නවා.

ජනාධිපතිවරයාගේ එම අදහස් දැක්වීම සහිත වීඩියෝව පහත දැක්වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article