Sunday, January 19, 2025

කුරුණෑගල මිනිස්සු ගිය වසරේදී බියර් බවුසර් 1750 ක් බීලා !

Must read

arrack _kurunegalaමත්පැන් සහ දුම්වැටි භාවිතා කිරීම සදහා රුපියල් කෝටි 1800 ක් සහ ඒ හේතුවෙන් ඇති වන ලෙඩ රෝගවලට ප‍්‍රතිකාර කිරීම වෙනුවෙන් රුපියල් කෝටි 4500ක් ද ඇතුලුව 2015 වර්ෂයේදී පමණක් කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ජනතාව විසින් රුපියල් කෝටි 6000 කට අධික මුදලක් නිකරුනේ නැති නාස්ති කර දමා ඇතැයි මත් නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකායේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කුමාර කිතලවආරච්චි මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවැසුවේ කුරුණෑගල දිස්ත‍්‍රික්කයෙහි මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් සහ මාධ්‍යවේදීන් ඇතුඵ පිරිස් දැනුම්වත් කිරීම පිණිස කුරුණෑගල දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේදී පසුගියදා පැවැති වැඩමුඵවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සමන්ත කුමාර කිතලවආරච්චි මහතා මෙසේද පැවසීය.

‘‘2015 අවුරුද්දේදී කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ඉන්න එදිනෙදා මහන්සිවෙලා හම්බකරන මිනිස්සු රුපියල් කෝටි 1200 ක් විතර මධ්‍යසාර සදහා වැය කරලා තියෙනවා. මේ අය කුලී වැඩ කරන මිනිස්සු වෙන්න පුලුවන්, රාජ්‍ය සේවයේ වෙන්න පුලූවන් ඒ නොයෙක් තරාතිරම්වල ඉන්න අය නීති්‍යානුකූල මට්මටින් තියෙන අරක්කු භාවිතා කිරීම සදහා පමණක් මේ වගේ මුදලක් වැය කරලා තියෙනවා. අපි දළ විදිහට ඇස්තමේන්තු කළොත් රුපියල් ඒ අවුරුද්දේදී කෝටි 1500 ක් විතර කුරුණෑගලින් පිටරටට ඇදිලා ගිහින් තියෙනවා. ඒ අවුරුද්දෙම කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ දුම්වැටි භාවිතය ගැන සලකලා බැලූවොත් මෙහේ මිනිස්සු රුපියල් කෝටි තුන්සිය පනහක විතර සිගරට් බීලා තියෙනවා.

අපි දැන් බලන් ඉන්නවා කුරුණෑගලට කවද්ද හයි වේ එකක් එන්නේ කියලා. ගිය අවුරුද්දෙදී විතරක් අරක්කු සිගරට්වලට වියදම් කරපු සල්ලිවලින් කුරුණෑගලට එන්න හයි වේ තුනක් විතර හදන්න තිබුණා. මේ අපි කාලා බීලද ? නෑ. අපි දන්නේ නැතුවම ටික ටික වියදම් කරලා නිකරුනේ විදේශයන්ට ඇදිලා ගිය මුදල් තමයි මේ. පාරවල්වල වැඩකරලා, වතුපිටිවල වැඩකරලා, අපේ මිනිස්සු ඉතාම දුක් මහන්සියෙන් හම්බකරපු මුදල් මේ විදිහට පිටරට සමාගම්වලට ඇදිලා ගිහින් තියෙන්නේ. ඒ වගේම තමයි බියර් භාවිතය . 2015 අවුරුද්දේදී විතරක් කුරුණෑගල මිනිස්සු බවුසර් 1750 ක් විතර බියර් බීලා තියෙනවා. හිතන්නකෝ ලොකු බවුසර් 1750 ක පාර දිගේ නැවැත්තුවොත් කොච්චර දුරක් වෙනවද ? එච්චර බියර් ප‍්‍රමාණයක් කුරුණෑගල මිනිස්සු 2015 දී බීලා තියෙනවා.

දුම්වැටි සහ මධ්‍යසාර වෙනුවෙන් රුපියල් කෝටි 1800 ක විතර මුදලක් අපි කුරුණෑගලින් වියදම් කරද්දී ඒ නිසා හැදෙන ලෙඩ රෝගවලට ප‍්‍රතිකාර කරන්න කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ රෝහල්වලින් ඒ වගේ තුන්ගුණයක මුදලක් වැයකරලා තියෙනවා. දුම්වැටි සහ මධ්‍යසාර නිසා ඇතිවන ලෙඩ රෝග වෙනුවෙන් සෘජු ප‍්‍රතිකාර කරන්න කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ සෞඛ්‍ය ආයතනවලින් 2015 වර්ෂයේදී රුපියල් කෝටි 4500 කට වැඩි මුදලක් ගිහින් තියෙනවා. දැන් අපිට ගණනය කරලා බලන්න පුලූවන් අපි කොච්චර මුදලක් මධ්‍යසාර වෙනුවෙන් වියදම් කරනවාද ඒවායින් බදු මුදල් ලබාගන්නවාද සහ සහ ඒ නිසා හැදෙන ලෙඩ රෝග සුවපත් කරන්න ඊට සාපේක්ෂව අපි කොච්චර මුදලක් වැයකරලා තියෙනවාද කියලා. එතකොට මේ අනවශ්‍ය වියදමක් වෙනුවෙන් කුරුණෑගල දිස්ත‍්‍රික්කයෙන් විතරක් 2015 වසරේදී විතරක් රුපියල් කෝටි 6000 ක් විතර නිනරුනේ නාස්ති කරලා තියෙනවා. මේවා නොදැන හැදුණු ලෙඩ නෙවෙයි. දැනගෙන හදාගත්තු ලෙඩ . ’’යැයි පැවසීය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article