Sunday, January 19, 2025

කුරුණෑගල ප‍්‍රාදේශීය සභාවේ සියලු මන්ත්‍රීවරු හිටපු සභාපතිට නිදහස ඉල්ලති.

Must read

kurunegala _ps_patric_1

මේ වනවිට දස වසරක සිර දඩුවමක් ගෙවා දමමින් සිටින කුරුණෑගල ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ප‍්‍රැටික් කරුණාසිංහ මහතාට විශේෂ සමාවක් ලබාදීමට කටයුතු කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිය යුතු බවට වූ යෝජනාවක් ඊයේ (05 දා) පැවැති කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ පළමු මහ සභා රැස්වීමේදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ ඒකමතික ඡන්දයෙන් සම්මත විය.

හයවැනි කුරුණෑගල ප්‍රාදේශීය සභාව විසින් සම්මත කළ පළමු යෝජනාව මෙය වීම මෙන්ම එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින්, විපක්ෂ නායක අජිත් ප්‍රියලාල් වර්ණසූරිය මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කිරීමත්, එජාප මන්‍ත්‍රී මහින්ද විජේනායක මහතා විසින් එම යෝජනාව ස්ථිර කිරීමත් තවත් විශේෂත්වයක් වෙයි.

යහපත් දේශපාලනඥයෙකු මෙන්ම හිත හොද මිනිසෙකු වූ ප‍්‍රැටික් කරුණාසිංහ මහතාට තමන් නොකළ වරදකට සිර දඩුවම් විදීමට සිදු වී ඇති බවත්, එබැවින් ඔහුට ජනාධිපති සමාව යටතේ නිදහස ලබාදෙන ලෙසටත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ යුතු යැයි සිය යෝජනාව සභාවට ඉදිරිපත් කරමින් අජිත් ප්‍රියලාල් මහතා පැවැසීය. අජිත් ප්‍රියලාල් මහතා විසින් ඉදිරිපත්කළ එම යෝජනාව අනුමත කරමින් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් ගණනාවක් අදහස් දැක්වීමෙන් පසුව යෝජනාව ඒකමතිකව සම්මත කෙරිණි.

1999 මතව, කොහිලේගෙදර ප‍්‍රදේශයේදී පැවැති ජනාධිපතිවරණ ප‍්‍රචාරක රැස්වීමකට වෙඩි තබා එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් පිරිසකට තුවාල සිදුකිරීමේ චෝදනාවකට වැරැදිකරුවන් වූ කුරුණෑගල ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයාට සහ ඔහුගේ සොහොයුරාට කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය විසින් ඉකුත් වසරේ ජූලි මස 17 වැනිදා මෙම සිර දඩුවම නියම කළාය.

සබැදි පුවත් 

කුරුණෑගල ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ප්‍රැට්‍රික් කරුණාසිංහට දස වසරක සිර දඩුවමක් ! ( VEDIO )

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article