පසුගිය ජූනි 30 වැනිදායින් නිල කාලය අවසන් වූ කුරුණෑගල මහ නගර සභාවේ පාලනය මේ වන විට පවතින්නේ නාගරික කොමසාරිස්වරයාගේ පාලනය යටතේය. නිල කාලය අවසන්වීමත් සමගම කුරුණෑගල නගරාධිපතිවරයා සහ මන්ත්රීවරුන්ගේ ධූරයන්ද අහෝසි වී ගිය අතර ඔවුන් මේ වන විට හිටපු නගරාධිපති සහ හිටපු මන්ත්රීවරුන් බවට පත් වී සිටිති. කුරුණෑගල මහ නගර සභාව විසුරුවා හැර මාස එක හමාරකට වැඩි කාලයක් ගත වී ඇති නමුත් මහජන පුස්තකාලය, ගෘහස්ථ ක්රීඩාංගණය සහ පිහිණුම් තටාක සංකීර්ණය ඇතුඵ කුරුණෑගල මහ නගර සභාව සතු ආයතන කිහිපයකම හිටපු නගරාධිපතිවරයාගේ ඡායාරූප තවමත් ප්රදර්ශණය වෙමින් පවතින අයුරු දැකගත හැකිය. බලය අහිමි වී මාස එක හමාරකට පසුවත් නොගැලවුණු මේ ඡායාරූපවලින් කියැවෙන්නේ කුරුණෑගල මහ නගර සභාව තවමත් පාලනය කරන්නේ හිටපු නගරාධිපතිවරයා බවද ?
නගර සභා ගෘහස්ථ ක්රීඩාංගණයෙහි ප්රදර්ශණය වෙමින් ඇති හිටපු නගරාධිපතිවරයාගේ ඡායාරූපය.
පිහිණුම් තටාක සංකීර්ණයෙහි එල්ලා ඇති හිටපු නගරාධිපතිවරයාගේ ඡායාරූපය.