Sunday, January 19, 2025

කුරුණෑගල නගරාධිපතිට බුවනෙක හෝටල් පරිශ්‍රයට ඇතුළුවීම තහනම් !

Must read

image_740a3ff390

 

මේ වන විට මහත් ආන්දොලනයකට තුඩු දී ඇති විනාශ කර දැමූ කුරුණෑගල බුවනෙක හෝටල් පරිශ්‍රයට කුරුණෑගල නගරාධිපති ඇතුළු පිරිසකට ඇතුළුවීම තහනම් කරමින් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර ඇති බව ලංකාදිප වෙබ් අඩවිය වාර්ථා කොට තිබේ.

ඒ අනුව කුරුණෑගල නගරාධිපති, උප නගරාධිපති, නාගරික කොමසාරිස් ඇතුළු කුරුණෑගල නගර සභාවේ පිරිසකට මෙසේ එම පරිශ්‍රයට ඇතුළුවීම තහනම් කරමින් නීතිපතිවරයා විසින් මෙම නියෝගය ලබාගෙන තිබේ.
මේ අතර පසුගිය දා කුරුණැගල පොහොට්ටු දිස්ත්‍රික් නායක ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු කියා සිටියේ තමන් සිටින තාක් නගරාධිපතිවරයාගේ මයිල්ගහකටවත් අනතුරක් වෙන්නට ඉඩ නොතබන බවය.
කෙසේ වෙතත් මේ වන විටත් ඇමති ජොන්ස්ටන්ට මෙන්ම නගරාධිපතිවරයාටද එරෙහිව දැවැන්ත විරෝධයක් දේශපාලන පෙරමුණු ගණනාවකින්ම මතුව එමින් තිබේ.
එමෙන්ම ඥානසාර හිමි ප්‍රමුඛ භික්ෂුන්ද ඒ සටනට එක්ව සිටිති.
ඊයේ මිගමුවේ පැවැති මාධ්‍ය හමුවකදි ජාතික ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් කියා සිටියේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ගොඩනැගිල්ලක් කඩා විනාශ කර තිබිමටත් වඩා භායනක වන්නේ ඇමති ජොන්ස්ටන් විසින් නිතිය අභියෝග කරමින් සිදුකර ඇති ප්‍රජාතන්ත්‍රවිරෝධි ප්‍රකාශය බවයි.
මේ අතර වරාය සේවකයන් විසින් අරඹන්ට යෙදුන කළු විරෝධතා සතිය මුලාරම්භයේම ඇමති ජොන්ස්ටන්ට එරෙහිව දැඩි විරෝධයක් මතුව තිබුණි.එහි එක් වෘත්තිය සමිති නායකයෙකු කියා සිටියේ වරායේ නැගෙනහිර ජැටිය අතතබන්නේ නම් සියළු කම්කරුවන් එකුතුවි ඇමති ජොන්ස්ටන්ගේ මයිල් එකින් එක ගලවන බවය.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article