කුරුණෑගල දිස්ත්‍රික්කයේ විද්‍යාත්මක පාසල් සංකල්ප නගා සිටුවීමට අපි කටයුතු කරනවා. අතිගරු ජනාධිපතිතුමාගේ නව සංකල්ප පරිදි කුරුණෑගල දිස්ත්‍රික්කයේ දියුණු වෙමින් පවතින පාසල් සහ අවශ්‍යතා ඇති පාසල් වලට සියළුම අවශ්‍යතා සපුරලා දෙන්න අපි වැඩපිළිවෙලක් සකස් කරනවා යැයි හිටපු අමාත්‍ය කුරුණෑගල පොදුජන පෙරමුණේ ආසන සංවිධායක ජයරත්න හේරත් මහතා පැවසීය.
” කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඈත අතීතයේ ඉඳන්ම දක්ෂයෝ බිහි වුනා, නව නිර්මාණකරුවන් බිහිවුණා, වියතුන් බිහිවුණා. ඉදිරියටත් ඒ තත්වය කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ අපි ස්ථාපිත කරගන්න ඕනේ. තමුන්නාසේලා දන්නවා ඇති බණ්ඩාරනායක විද්‍යාලය කියලා මුලින්ම බිහිවුනේ අද ශ්‍රීමත් ජෝන් කොතලාවල නමින් තිබෙන මහා විද්‍යාලය.ඊට පසු එම විද්‍යාලය ජනාධිපති විද්‍යාලය වුනා, පසුව තමයි ශ්‍රීමත් ජෝන් කොතලාවල මහා විද්‍යාලය වුනේ. එතනින් පස්සේ කුරුණෑගලට බණ්ඩාරනායක කියලා විද්‍යාලයක් තිබුනේ නෑ. අපි අනු හතරේ ආණ්ඩුව ගන්නකොට මට විවිධ අය යෝජනා කරා කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලය නැවත බණ්ඩාරනායක විද්‍යාලය නමින් නම් කරන්න කියලා. එත් මම එහෙම කරන්න ගියේ නෑ. ජෝන් කොතලාවල මහත්තයා කියන්නේ අපේ වයඹින් කුරුණෑගලින් බිහිවුණු මුල්ම අගමැතිවරයා. එතුමාට තියන ගෞරවය ආදරය අපි රැකගත යුතුයි. ඒ නිසා එතනින් නොනැවතී මේ විද්‍යාලයට බණ්ඩාරනායක කියන නම යොදන්නට මගේ මූලිකත්වයෙන් වැඩකටයුතු සකස් කළා “
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නව සංකල්ප ක්‍රියාවලිය සමග ඉදිරියේදී ලංකාවේ සියළුම පාසල් වලට නව තාක්ෂණ පහසුකම් සහිත අධ්‍යාපන ක්‍රමයක් ඇතිවෙනවා. ඒ ක්‍රියාවලිය පවත්වාගෙන යන්නට ජනතා නියෝජිතයන් හැටියට අපි කටයුතු කරනවා. අපි දැක්කා පහුගිය වකවානුවේ නොයෙක් අය ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ප්‍රායෝගික නැති අන්දමින් වෙනස් කරන්නට ගිය හැටි. ඒ සියළු දේවල් ලඳ බොළඳ දේවල්වූ නිසා තමයි තමුනාන්සේලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව විශ්වාස කරලා එතුමාට ජනාධිපති වරම දුන්නේ. ඒ නිසාම එතුමා ඒ විශ්වාසය රටේ අනාගත පරපුර වෙනුවෙන් ස්ථාපිත කරාවි.