Sunday, January 19, 2025

කුරුණෑගල ජනාධිපති බාලිකාවේ විදුහල්පතිනිය යකා නටලා !

Must read

saragamaසිය දියණිය කුරුණෑගල ජනාධිපති බාලිකා විද්‍යාලයට ඇතුළත් කරගැනීම සදහා සම්මුඛ පරීක්ෂණයකට සහභාගි වූ තමන්ට එහි විදුහල්පතිනිය විසින් තම වෘත්තිය පවා අපහාස වන අන්දමින් බැණ වැදුණු බව කියමින් අදාළ සම්මුඛ පරීක්ෂණ සදහා සහභාගි වූ පියෙකු විසින් වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍ය සන්ධ්‍ය කුමාර රාජපක්ෂ මහතා වෙත සහ කුරුණෑගල පොලිසිය වෙත පැමිණිලි කර තිබේ.

මෙලෙස පැමිණිලි කර ඇත්තේ සියඹලන්ගමුව, මාස්පොත ප‍්‍රදේශයේ පදිංචි ජන්තු විදානේලාගේ නාමචන්ද්‍ර නැමැති වෘත්තීය මෝටර් රථ කාර්මික ශිල්පියෙකි.

තම කණිටු දියණිය කුරුණෑගල ජනාධිපති බාලිකා විද්‍යාලයට ඇතුළත් කර ගැනීම සදහා වූ සම්මුඛ පරීක්ෂණයට තම බිරිද සහ දියණියද සමග 2015 ඔක්තෝම්බර් මස 29 වැනිදා පස්වරු 1 ට පමණ සහභාගි වූ බවත්, එහිදී සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය වෙත පදිංචිය සනාථ කිරීමට ඉදිරිපත් කළ පිළිබද ඉඩම් ඔප්පුවක් පිළිගත නොහැකි බව කියමින් පාසලේ විදුහල්පතිනිය තමන්ට පහත් අයුරින් බැන වැදුණු බවත් නාමචන්ද්‍ර මහතාගේ පැමිණිල්ලෙහි සදහන් වෙයි.

”ගැරෙජ් වල යකඩ තල තලා මේ වගේ වැඩ කරන්න බෑ. ගිහින් මේවා හදාගෙන එනවා ඕයි. තමුසෙගෙ ළමයා ගන්න පුඵවන් වුනත් මම ගන්නේ නෑ. පලයන් යන්න මිනිහෝ ” යැයි කියමින් තමාට සහ තම වෘත්තියටත් අපහාස වන අන්දමින් විදුහල්පතිනිය විසින් එහිදී ප‍්‍රසිද්ධියේ බැණවැදීම නිසා තමා මෙන්ම, තම බිරිද සහ සිගිති දියණියද දැඩි අපහසුතාවයට පත් වූ බව වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරිය, වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සහ කුරුණෑගල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාටද පිටපත් සහිතව නාමචන්ද්‍ර මහතා විසින් පළාත් අධ්‍යාපනවරයා වෙත යවා ඇති ලිපියෙහි වැඩිදුරටත් සදහන්ය.

තම වැඩිමහල් දියණියද දැනට ඉගෙනුම ලබන්නේ කුරුණෑගල ජනාධිපති බාලිකා විද්‍යාලයේම බවත්, ඇයව පාසලට ඇතුළත් කරනු ලැබීමේදී එම විද්‍යාලය විසින් පිළිගනු ලැබුවේ මෙන්ම එම සම්මුඛ පරීක්ෂණයේදී ලකුණු 95 ක්ද හිමිවූයේද වත්මන් විදුහල්පතිනිය විසින් ප‍්‍රතික්ෂේප කරන මෙම ලිපි ලේඛණවලටම බවද නාමචන්ද්‍ර මහතාගේ ලිපියෙහි සදහන්ය.

විදුහල්පතිතුමියගේ අන්තනෝමතික ක‍්‍රියාකලාපය හේතුවෙන් සියඵ සුදුසුකම් සපුරා තිබියදීත් තම දියණිය ජනාධිපති බාලිකා විද්‍යාලයට ඇතුළත් කර ගත නොහැකි තත්වයක් ඇති වී ඇති බැවින් ඒ පිළිබදව මෙන්ම විදුහල්පතිනියකට උචිත නොවන හැසිරීමක් ප‍්‍රදර්ශනය කළ ජනාධිපති බාලිකා විදුහලේ විදුහල්පතිනිය පිළිබදවත් සාධාරණයක් ඉටුකර දෙන ලෙස නාමචන්ද්‍ර මහතා සිය ලිපියෙන් පළාත් අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටී.

පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා වෙත යොමු කළ ලිපියට අමතරව පැමිණිලි අංක CIB1 193/405 MCR 3798/15 යටතේ කුරුණෑගල මූලස්ථාන පොලිසියටද නාමචන්ද්‍ර මහතා විසින් මේ පිළිබදව පැමිණිලි කර තිබේ.

අදාළ චෝදනාව පිළිබදව විමසීමට කුරුණෑගල ජනාධිපති බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි ටී. එම්. අයි. පී. මල්විල මහත්මියගෙන් කළ විමසීමකදී තමා එවැනි චෝදනාවක් පිළිබදව නොදන්නා බවත්, ඒ පිළිබදව විමසිය යුත්තේ අදාළ දෙමව්පියන්ගෙන් බවත් කියමින් දුරකථනය විසන්ධි කළාය.

අප දන්නා පරිදි පාසැල්වලට ළමුන් ඇතුළත් කිරීමේ සම්මුඛ පරීක්ෂණ සදහා අදාළ පාසලේ විදුහල්පතිවරයාට හෝ විදුහල්පතිනියට සහභාගී විය නොහැකි අතර නාමචන්ද්‍ර මහතාගේ ලිපියෙන් කියැවෙන්නේ ජනාධිපති බාලිකා විද්‍යාලය් විදුහල්පතිනිය එම විදුහලේ පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයෙහි වාඩි වී සිටි බවයි. එසේ වී නම් එයද විදුහල්පතිනිය විසින් සිදු කර ඇති බරපතල වරදක් බැවින් ඒ පිළිබදවද පළාත් අධ්‍යාපන බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුව තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article