Saturday, November 23, 2024

කුරුණෑගල ගැන ජනපති කණගාටුවෙන් !

Must read

presidentමත්ද්‍රව්‍ය භාවිතා කිරීම පිළිබදව සලකාබලන විට කුරුණෑගල දිස්ත‍්‍රික්කය තුළ ඇත්තේ යහපත් තත්වයක් නොවන බව කී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මත්ද්‍රව්‍ය මර්දනය සම්බන්ධයෙන් දිස්ත්‍රික්කය තුළ පවතින තත්වය පිළිබදව කණගාටුව පළකළේය.

ජනාධිපතිවරයා සිය කණගාටුව පළකළේ කුරුණෑගල මාළිගාපිටියේදී පෙරේදා (05 දා ) පැවැති මතින් නිදහස් රටක් කුරුණෑගල දිස්ත‍්‍රික් සමුඵව අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපතිවරයා මෙසේද පැවසීය.

‘‘අපි පසුගිය වසරේ මුල් භාගයේදී ජනාධිපති ලේකම් කාර්යාලය මුල්කරගෙන ප‍්‍රධාන ව්‍යාපෘති හතරක් ආරම්භ කළා. ඒ ව්‍යාපෘති හතර දේශීය ආහාර නිෂ්පාදනය, ජාතික පරිසර සංරක්ෂණය, මත්ද්‍රව්‍ය මර්දනය සහ නිවාරණය, ඒ වගේම වකුගඩු රෝගය සදහා ප‍්‍රතිකාර ශක්තිමත් කිරීම සහ නිවාරණ වැඩසටහන්. මේ වැඩසටහන සාමාන්‍ය ගම්වල නගරවල සිටින පොදු මහජනතාව අය වූ අතරේ ඉතාමත්ම ආකර්ශණීය වූත්, පිළිගත් සහ ක‍්‍රියාකාරී වැඩසටහන් බවට පත්වෙලා තියෙනවා. ඒ නිසා අද කුරුණෑගල දිස්ත‍්‍රික්කය වශයෙන් මේ සමුඵව පවත්වන අවස්ථාව වන විට, ගෙවී ගිය මාස දෙක තුනක කාලය ඇතුළත දිස්ත‍්‍රික්කය පුරා මේ වැඩසටහනට අදාලව කටයුතු කළ සියලූ දෙනාටම මගේ ගෞරවනීය ස්තූතිය මා පුද කරනවා.

අද මත්ද්‍රව්‍ය පිළිබද ප‍්‍රශ්නය දරුවනේ අපේ රටට පමණක් නොවෙයි ලෝකයේ ඉහළම සංවර්ධනයක් පවතින රටවල්වලටත් ප‍්‍රබලම ප‍්‍රශ්නයක් වෙලා තියෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ බලපෑම්, ආයුධ සන්නද්ධවීම්, ත‍්‍රස්තවාදී ව්‍යාපාර, ලෝකයේ ඇතැම් ආණ්ඩු විසින් පාලනය කළ නොහැකි තත්වයකට පත් වී තිබෙනවා. ඔබ දකිනවා මාධ්‍ය තුළ මෙක්සිකෝව වැනි රාජ්‍යවල රජයේ හමුදාවන්ට වඩා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ත‍්‍රස්තවාදී හමුදා ශක්තිමත් වෙලා තිබෙනවා. මෙවැනි කරුණු පිළිබදව ඇතැම් විට අපි වැඩි අවධානයක් නොකරන අවස්ථාවන් තිබෙනවා. වැඩි තක්සේරුවකට නොගන්න අවස්ථාවන් තියෙනවා. එහෙත් මත්ද්‍රව්‍ය ජාවාරම් ලෝකය තුළ ක‍්‍රියාත්මක වෙන ආකාරය ගත්තාම අන්තර්ජාතික වශයෙන් ආණ්ඩු වට්ටන්න, ආණ්ඩු වෙනස් කරන්න, ආණ්ඩු පාලනය කරන්න මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ශක්තිමත් වෙලා තියෙන බව අන්තර්ජාලය හා අනිකුත් මාධ්‍ය හරහා එන තොරතුරුවලට අනුව බොහොම පැහැදිලිවෙලා තියෙන කාරණයක්. එක් පැත්තකින් විනයවත්, යහපත් සමාජයක් ගොඩනැගීමේ කාර්යය. තවත් පැත්තකින් ජනතාව ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමේ කාර්යය. තවත් පැත්තකින් නිරෝගිමත් ජනතාවත් බිහිකිරීමේ කාර්යය. මේ සියලූ කරුණු සැලකිල්ලට ගත් විට මකින් නිදහස් රටක් බිහිවන්නට නම් මුලින්ම මතින් නිදහස් පවුලක් සකස් විය යුතුයි. මතින් නිදහස් පවුල් සංස්ථාවක් සකස් විය යුතුයි. සෑම පවුලක්ම මතින් නිදහස් නම් ඒ ගම මතින් නිදහස් ගමක් බවට පත්වෙනවා. එවිට මතින් නිදහස් රටක් බිහිකරගන්නට හැකිවෙනවා. එම නිසා මෙවැනි වැඩසටහන් ඉහළ සිට පහළට නොව පහළ සිට ඉහළට ක‍්‍රියාත්මක වන වැඩසටහන් විය යුතුයි කියන එක ඔබ සියලූදෙනාම දන්නා දෙයක්. අපේ රටේ විතරක් නෙවෙයි ලෝකයේ සෞඛ්‍ය සේවය ගත් විට අද රෝහලක තිබෙන ඇදන් සංඛ්‍යාව හරියටම සියයට පනහකින් අඩුකරන්නට පුලූවන් මත්ද්‍රව්‍ය පාවිච්චි නොකරන සමාජයක් තියෙනවා නම්. සෘජුව හා වක‍්‍රව මත්ද්‍රව්‍ය නිසා ඇතිවන රෝග බරපතල හානිදායක තත්වයක් බව ඔබ සෑම කෙනෙක්ම දන්නවා. මත්ද්‍රව්‍ය පාව්ච්චි කරන කෙනෙක් සමාජය පිළිකුල් කරනවා. ප‍්‍රතික්ෂේප කරනවා. ඔහුගේ පෞර්ෂත්වය පහළ බහිනවා. සමාජ පිළිගැනීමෙන් තොර වෙනවා. පවුල් සංස්ථාව අවුල් වෙනවා. ආර්ථිකය කඩා හැලෙනවා. රෝගීන් වෙනවා. දරුවන් අසරණ වෙනවා. මුලූ සමාජයම ඔහුව ප‍්‍රතික්ෂේප කරනවා. ඒ එක් පැත්තක් විතරයි. සමාජය සහ මේ පිළිබද විවිධ අංශ ගත් විට මේ තුළින් ඇතිවන බලපෑම් ඉතාම බරපලතයි කියන එක ඔබ සෑම කෙනෙක්ම දන්නවා.

අපේ රටේ අඩු ආදායම්ලාභී පවුල් බොහෝවිට හදුන්වන්නේ සමෘද්ධි ප‍්‍රතිලාභී පවුල් විදිහට. වසර ගණනාවකට පෙර කරපු සමීක්ෂණ තුළ පැහැදිලිවම පෙනී ගියපු දෙයක් තමයි අපේ රටේ අඩු ආදායම්ලාභී පවුල්, සමෘද්ධි ප‍්‍රතිලාභී පවුල්වලින් තුනෙන් එකක් සම්පූර්ණයෙන්ම වැය කරන්නේ මත්ද්‍රව්‍ය සදහා. රජය විසින් සමෘද්ධි ප‍්‍රතිලාභී පවුල්වලට දෙන ප‍්‍රදානයන්, ඔවුන්ගේ සුබ සාධන කටයුතු වෙනුවෙන් රජය කරන මාසික වියදමට වඩා ඒ පවුලේ අරක්කු සිගරට් පාව්ච්චි කරන අය ඊට දෙගුණයක් මුදල් වැයකරනවා. මේ නිසා අපේ රට වශයෙන් ගත්තොත් අපේ රටේ දුප්පත්කම, ආර්ථික වශයෙන් පවුල් සංස්ථාව කඩාහැලීම කියන තත්වයන් නිසා ජාතියක් ලෙස වර්ධනයවීමට ජාතියක් ලෙස මේ මත්ද්‍රව්‍යවල තත්වය බලපාලා තියෙනවා. ඒ නිසා තමයි අපි ජාතික වැඩපිළිවෙලක් විදිහට මේ කටයුත්ත ක‍්‍රියාත්මක කරවන්නේ. පොලිසිය, සුරාබදු දෙපාර්තමේන්තුව, දිසා ලේකම්, ප‍්‍රාදේශිය ලේකම් ඇතුලූ ආයතන ප‍්‍රධානින් මේ කියන තමුන්නාන්සේලා සෑම කෙනකුමට එක් පැත්තකින් රාජකාරිමය වගකීමක්, වෘත්තිමය වගකීමක් තිබෙනවා මත්ද්‍රව්‍ය පාලනය කිරීම සම්බන්ධයෙන්. අනික් පැත්තෙන් මේ තනතුරු හොබවන සෑම කෙනෙකුටම ඒ වගකීමෙන් එහා ගිය මානුෂිය යුතුකමත් තිබෙනවා මත්ද්‍රව්‍ය මර්දනය, පාලනය සහ නිවාරණය සම්බන්ධයෙන්. කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ මත්ද්‍රව්‍ය සම්බන්ධ තත්වය සැලකිල්ලට ගත් විට එය යහපත් තත්වයක් නොවෙයි. මර්දනය සම්බන්ධයෙන් තිබෙන්නේ කණගාටුදායක තත්වයක්. ඒ නිසා මේ ස්ථානයේ සිටින පොලිස් ස්ථානාධිපතිතුමන්ලා , නියෝජ්‍ය පොලිස්පතිතුමා ඇතුලූ පොලිස් සේවයේ අනිකුත් නිලධාරීන් ඒ වගේම සුරා බදු දෙපාර්ත්මේන්තුව ඒ සියලූ දෙනාගෙන්ම මම කාරුණික ඉල්ලීමක් කරනවා කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ මත්ද්‍රව්‍ය මර්දනය සහ වැළැක්වීම සම්බන්ධයෙන් ඔබේ දෛනික රාජකාරී කාලය තුළ පැය ගණනක් වෙන් කරලා ඒ වෙනුවෙන් ඔබේ වගකීම සහ යුතුකම ඉටුකරන්න කියලා. පොලිස් ස්ථානාධිපතිතුමෙකුට තමන්ගේ බල ප‍්‍රදේශයේ මත්ද්‍රව්‍ය මර්දනය සම්බන්ධයෙන් පු`ඵල් වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කරන්න පුලූවන්. සමහර පොලිස් ස්ථානවල ස්ථානාධිපතිතුමාලා තමන්ගේ බලප‍්‍රදේශයට අයත් ග‍්‍රාමසේවා වසම් පොලිසියේ කාර්ය මණ්ඩලය අතරේ බෙදාදීලා තියෙනවා. සීයක් ඉන්නවා නම් එත්නෙනෙකුට එක ග‍්‍රාම සේවා වසම ගාණේ බෙදලා දීලා තියෙනවා. එතකොට ඒ වසමේ ග‍්‍රාම නිලධාරී මහත්තයා සහ පොලිසියෙන් පත් කරලා ඉන්න පොලිස් නිලධාරි මහත්මයත් එකතුවෙලා ඒ ග‍්‍රාම නිලධාරී කොට්ඨාශයේ මත්ද්‍රවණ නිවාරණය කිරීම පිළිබද වගකීමකින් යුතුව කටයුතු කරනවා. දිසා ලේකම් කාර්යාලය, ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලය, මේ සියල්ලේම ඔබට අපි චක‍්‍රලේඛයක් මගින් දන්වලා තියෙනවා සෑම ආයතනයකම මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබද කමිටුවක් පත්කරන්න කියලා. ඒ කමිටුව මාසිකව රැුස්වෙන්න. ඉස්සරවෙලා තමන්ගේ කාර්යාලයේ කීදෙනෙක් අරක්කු සිගරට් බොනවාද කියලා සමීක්ෂණයක් කරන්න. ඒ අයගේ කැමැත්තෙන් මේ වැඩසටහනට ඇතුලත් කරගෙන ඒවායින් මුදවාගන්න. බොහෝ වේලාවට කාර්යාලවල සිටින සුලූ සේවකයින් රාජකාරි වේලාවෙදීත් මත්ද්‍රව්‍ය පාව්ච්චි කරනවා බව රහසක් නෙවෙයි. ඇතැම් වෙලාවන්වල රජයේ කාර්යාලවල ඊට වඩා වගකීම් දරණ අයත් රාජකාරි වේලාව තුළ මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා අප දකිනවා. ඒ නිසා මේ හැම කෙනෙක්ම ඔබේ වගකීම පිළිබදව ප‍්‍රමුඛත්වයක් ගන්නැයි කියලා මම ඉල්ලා සිටිනවා. මෙතැන ඉන්න සහෝදර මැති ඇමැතිවරුන් දන්නවා අපි පහුගිය වසරේ නිකුත් කරපු චක‍්‍රලේඛයක් අනුව පවත්වන දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටුව, ප‍්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ න්‍යාය පත‍්‍රවලට ඇතුලත් කිරීමට ප‍්‍රමුඛතාවය දීලා තියෙනවා මේ වැඩසටහන්වල ප‍්‍රගතිය සමාලෝචනය කිරීමට. පරිසර සංරක්ෂණය, දේශීය ආහාර නිෂ්පාදනය, මත්ද්‍රව්‍ය මර්දනය, වකුගඩු රෝගීන් පිළිබදව සොයා බලලා පිළියම් යෙදීම කියන කරුණු පිළිබදව ප‍්‍රගතිය සාකච්ඡුාකිරීමට අදාළ චක‍්‍රලේඛවලින්ම උපදෙස් දීලා තියෙනවා.

පහුගිය දින කිහිපයේදී පොලිසියේ සහ නාවික හමුදාවේ නිලධාරීන් විසින් ලංකාවේ විශාලතම මත්ද්‍රව්‍ය තොගය සොයාගත්තා හෙරොයින් කිලෝග‍්‍රෑම් 110 ක් විදේශීය නැවක තිබිලා. ඒ හෙරොයින් කිලෝග‍්‍රෑම් 110 රට තුළට ආවා නම් මොනතරම් විනාශයක් වෙන්න තිබුණාද කියලා ඒ පිළිබදව දන්න අය දන්නවා. මම ඒ වැටලීම කළ, විමර්ශණය කළ පොලිසියේ මත්ද්‍රව්‍ය නාශක කාර්යංශවල නිලධාරීන්ටත්, නාවික හමුදාවේ නිලධාරීන්ටත් මගේ ගෞරවනීය ස්තූතිය මා පුදකරනවා. මේ වසරේ සිට මත්ද්‍රව්‍ය මර්දනය සම්බන්ධයෙන් විමර්ශණ කටයුතු සිදුකරන, ඒවා සොයාගෙන අත්අඩංගුවට ගන්නා වැටලීම් කරන සියලූම නිලධාරීන්ට වාර්ෂිකව ජනාධිපති සම්මානදීමේ වැඩපිළිවෙලක් හදන්න මම බලාපොරොත්තු වෙනවා. මේ අපරාධකරුවන් සහ නීතිවිරෝධී ලෙස ක‍්‍රියාකරන අය අත්අඩංගුවට ගන්නා නිලධාරීන්ගේ උසස්වීම් සදහා බලපාන ආකාරයට චක‍්‍රලේඛයක් නිකුත් කිරීමටත් බලාපොරොත්තු වෙනවා. මේ සදහා සමාජයේ සියලූ ශක්තීන් අපිට භාවිතා කරන්න පුලූවන්. ගමේ පන්සල, පල්ලිය, කෝවිල මුල්කරගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් මීට වඩා පු`ඵල් වැඩපිළිවෙලක් අපිට දියත් කරන්න පුලූවන්. මත්ද්‍රව්‍ය භාවිතා කරන මිනිසෙක් කොතරම් දුරට විනාශවෙනවද , වෙනස් වෙනවද කියන කාරණය තුළ බුදුන් වහන්සේ ව්‍යග්ඝපජ්ජ සූත‍්‍රයේ ඉතා පැහැදිලිව සදහන් කරලා තිබෙනවා. යහපත් සමාජයක් ගොඩනැගීමේ කාර්යයේදී සෑම ආගමික නිර්මාතෘවරයෙක්ම මත්ද්‍රව්‍යයේ ආදීනව දේශනා කර තිබෙනවා. ප‍්‍රධාන වශයෙන්ම පවුල් සංස්ථාව තුළ මත්ද්‍රව්‍ය නිවාරණය වැළැක්වීමට යොදාගත හැකි හොදම පණ්විඩකරුවා වෙන්නේ දරුවා. ඒ නිසා විදුහල්පතිවරුන් , ගුරුවරුන් සියලූදෙනාගෙන්ම මම ඉල්ලා සිටිනවා. යැයි පැවසීය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article