( 3.05 pm ) කුරුණෑගල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරන තවත් නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ඊයේ (24) සවස තහවුරු වූ බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ප්‍රකාශ බව ලංකාදිප වෙබ් අඩවිය ඊයේ වාර්තා කොට තිබුනි.
මොවුන් දෙදෙනා අලව්ව සහ පොල්ගහවෙල පදිංචිකරුවන් වේ .
මේ ආසාදිතයන් දෙදෙනාද සමග මේවනවිට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන සිටින කොරෝනා වයිරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව 5 කි . ඉන් තිදෙනෙකුම නාවික හමුදා සාමාජිකයින් බවද වැඩිදුරටත් එහි සදහන්ය.
මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ විවේචනයන් ඉදිරිපත් වෙමින් ඇත්තේ මේ ආකාරයෙන් ආනාරක්ෂිත තත්වයක සිටින නාවික හමුදා සමාජිකයන් අදාල පරික්ෂණයන් සිදුනොකොට නිවාඩු යෑමට ඉඩසැලැසිම ගැනය.
මොවුන් තිදෙනාම වැලිසර කඳවුරේ සිට නිවාඩු ලබා පැමිණ ඇති අය බවද වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා සඳහන් කළේය .